ඩෙංගු රුධිර පරීක්ෂාවට සහතික මිලක් නියම කෙරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ඩෙංගු රුධිර පරීක්ෂාවට සහතික මිලක් නියම කෙරේ

ඩෙංගු රෝගය විනිශ්චය සඳහා වන පූර්ණ රුධිර පරීක්ෂාව සඳහා සංශෝධනය කරන ලද  රුපියල් 250 ක මිල අද සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ ඒ පිළිබඳව දිවයිනේ සියළුම රසායනාගාර සහ ඔසුසැල් වෙත ලිඛිතව දැනුම්දී ඇති බවයි.

පූර්ණ රුධිර පරීක්ෂාවක් සඳහා රුපියල් 250 කට අධික මිලක් නියම කරන ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා අවධාරණය කළා. මේ අතර ඩෙංගු රෝගීන් සඳහා වන පූර්ණ රුධිර පරීක්ෂණ සහ ඩෙංගු ප්‍රතිදේහ ජනක පරීක්ෂණ  විනාඩි 30 ක කාලයක් තුළදී සිදු කිරීමට වැඩපිළිවෙලක් සකස් කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ ඒ සඳහා රෝහල් වෙත අමතර නිලධාරීන් යෙදවීමට පියවර ගෙන ඇති බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad