ඇමති මැරුවෙන් ලක්ෂ්මන් යාපා අමාරුවේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

ඇමති මැරුවෙන් ලක්ෂ්මන් යාපා අමාරුවේ…

පසුගිය 31 වනදා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිව්රුම් දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා තවමත් අමාත්‍යධුරයේ වැඩ භාරගෙන නැත.ඒ අමාත්‍යංශයේ ඉඩපහසුකම් නොලැබීම හේතුවෙනි.

“මම ඉල්ලුවේ ඉරාන්ට තිබුණ ටික විතරයිනේ..එතන නියෝජ්‍ය ඇමති කාර්යාලයක් තිබුණනේ.ඒක අල්ලාගෙන අනවශ්‍ය ප්‍රශ්නයක් නෙ ඇති කරලා තියෙන්නේ…යැයි ලක්ෂ්මන් යාපා කබීර්ට දුරකථන ඇමතුමකින් පවසා තිබේ. අමාත්‍ය කබීර් හෂීම් මහතා එම අමාත්‍යංශයේ නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලයේ කාමර 6 ක් අත් පත් කරගෙන සිටීම නිසා මෙම ගැටලුව පැන නැගී ඇත.


ලක්ෂ්මන් යාපාගේ කාර්ය මණ්ඩලය වරින් වර ගොස් අමාත්‍ය ලේකම්වරයා හමුවී ඇතත් තවමත් සාධනීය පිළිතුරක් ලැබී නොමැත. පසුගිය 02 දා සිය අමාත්‍යධුරයේ වැඩ භාරගැනීමට සුදානම්ව සිටියේ පසුගිය 02 දාය.

No comments:

Post a Comment

Post Bottom Ad