විග්නේශ්වරන්ගේ සහයට සිවාජලිංගම්ගෙන් පෙත්සමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

විග්නේශ්වරන්ගේ සහයට සිවාජලිංගම්ගෙන් පෙත්සමක්

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව භාරදුන් විශ්වාසභංගයට විරුද්ධව 15 දෙනෙකුගෙන් යුත් පෙත්සමක් ඊයේ (15) උතුරු පළාත් මන්ත්‍රීවරු පිරිසක් විසින් උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත භාර දෙනු ලැබීය.

උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ.සිවාජලිංගම් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විසින් උතුරු මහ ඇමතිගේ විශ්වාසභංගයට එරෙහිව පෙත්සමක් භාර දෙනු ලැබීය. පෙත්සම භාර දෙනු ලැබූ අවස්ථාවේදී අදාළ මන්ත්‍රීවරු පිරිස උතුරු ආණ්ඩුකාරවරයාට දැනුම් දෙනු ලැබුවේ ඉදිරියට උතුරු පළාතට ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් සී.වී.විග්නේශ්වරන් මහතාම අවශ්‍ය බවයි.

කෙසේ වෙතත් එසේ භාර දුන් පෙත්සමෙහි කිසිදු දිවුරුම් ප්‍රකාශයක් අමුණා නොමැති බවට ද උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව දුන් විශ්වාසභංගයට දිවුරුම් ප්‍රකාශ 15 ක් ලබා දී ඇති බවට ද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් දැනුම් දී ඇත.

(වන්නි - රොමේෂ්) 

No comments:

Post a Comment

Post Bottom Ad