ත‍්‍රීරෝථ රථ වලට උපරිම වේග සීමාවක් එයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 26, 2017

ත‍්‍රීරෝථ රථ වලට උපරිම වේග සීමාවක් එයි

තී‍්‍ර රෝද රථ ධාවන වේගය පැයට කිලෝ මීටර් 40ක උපරිම වේග සීමාවකට යටත්ව ධාවනය කළ යුතු බවට නීති ගෙන ඒමට තීරණය කර ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසයි.

තී‍්‍ර රෝද රථ සඳහා දැනට පවත්නා වේග සීමාවන්ට වඩා වැඩි වේග සීමාවක් ලබා දෙන ලෙස බොහෝ තී‍්‍ර රෝද රියදුරු සංගම් පසුගිය කාලයේ  ඉල්ලීම් රැසක් කළ බවත් ඒ අනුව අදාල තී‍්‍ර රෝද රථ නිෂ්පාදන සමාගම් වලින් මේ පිළිබදව කළ විමසීමේදී තාක්ෂණික වාර්තාවක් ලබා දීමට එම ආයතන කටයුතු කර ඇති බවත් ඔහු කීවේය.

එම වාර්තාව අනුව තී‍්‍ර රෝද රථයක උපරිම වේග සීමාව පැයට කිලෝ මීටර් 40ට වඩා දැරිය නොහැකි බව තමන්ට දන්වා තිබෙන බැවින් ඉදිරියේදී තී‍්‍ර රෝද රථවල උපරිම ධාවන වේගය පැයට කිලෝ මීටර් 40 ක් දක්වා වන වේග සීමා නීතිය ගැසට් කිරීමට ප‍්‍රවාහන අමාත්‍යවරයා කටයුතු කිරීමට නියමිත බවද ඔහු පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad