කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලාංකික පුරවැසිකමේ ලිපිය නිල වශයෙන් ලැබිලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

කුමාර් ගුණරත්නම්ට ශ්‍රී ලාංකික පුරවැසිකමේ ලිපිය නිල වශයෙන් ලැබිලා

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතාට ඊයේ ශ්‍රී ලංකා පුරවැසිභාවය යළි හිමිව තිබේ. එය පිළිබඳ ලිපිය ඊයේ (22) එම පක්ෂයේ කාර්යාලය වෙත ලැබී තිබූ බව වාර්තා කර ඇත. එය නිකුත් කර තිබුණේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්නගේ සහ එම අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි.

කුමාර් ගුණරත්නම් නොහොත් නොයෙල් මුදලිගේ ඕස්ට්‍රේලියානු පුරවැසිකම ලබාගැනීමෙන් පසුව යළි ලංකාවේ දේශපාලනයට සම්බන්ධ ක්‍රියාකාරකම් සිදු කිරීම නිසා පුරවැසිකම මුල්කරගෙන ඔහුට එරෙහි විවිධ තාඩන පීඩන සිදු විය. ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන අංශය භාරව අන්තරය පසුපස සිටි ප්‍රධාන ප්‍රද්ගලයා වූ ඔහු පසුගිය කාලයේ පක්ෂයෙන් ඉවත්ව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පිහිටුවා ඒ සමග ශිෂ්‍ය බලවේග ඒකරාශී කරගෙන වෙනම ගමනක් අරඹා ඇත. 


ඔහුට ශ්‍රී ලංකා පුරවැසිභාවය හිමිව ඇති නිසා ඔහුට ඉදිරියේදී දේශපාලන කටයුතුවල කරදරයකින් තොරව කටයුතු කරන්නට අවස්තාව ලැබෙනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad