උණ රෝගීන්ට වේදනා නාශක එපා - වෛද්‍යවරුන් ගැන රජිතගෙන් පරීක්ෂණ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

උණ රෝගීන්ට වේදනා නාශක එපා - වෛද්‍යවරුන් ගැන රජිතගෙන් පරීක්ෂණ

උණ වැළදී පැමිණෙන රෝගීන් වෙත විවිධ වේදනා නාශක ඖෂධ වෛද්‍යවරුන් විසින් ලබාදීම පිළිබද පරීක්ෂණයක් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අයි.ඩි.එචි ජාතික බෝවන රෝග විද්‍යායතනයේ පසුගියදා කළ නිරීක්ෂණ චාරිකාවක දී රෝගීන්ගෙන් ලැබුණු පැමිණිලි මත මෙම පරීක්ෂණය ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.  උණ රෝගයක් වැළදුන විට පැරසිටමෝල් පමණක් භාවිත කළ යුතු බවත්, අනෙකුත් වේදනා නාශක ඖෂධ භාවිත නොකරන ලෙසත් තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

මෙහිදී අදහස් දැක්වු  ජාතික ඩෙංගු  මර්දන ව්‍යාපාරයේ ජාතික සම්බන්ධීකාරක වෛද්‍ය හසිත තිසේරා මහතා පවසා සිටියේ උණ තත්ත්වයක් ඇති වූ විට වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගත යුතු බවයි.එමෙන්ම අත්බෙහෙත් භාවිතා කිරිම අනිසි ප්‍රතිඵල අත්වන සාධකයක් බව ද  ඔහු පෙන්වා දුන්නේය. විවිධ වේදනා නාශක ඖෂධ භාවිතා කිරීම තුළින් මරණයට පත්වන බහුතරයක්  තරුණ තරුණියන් බවත්, ඇතැම් ඩෙංගු රෝගය වැළදුන රෝගීන් ප්‍රතිකාර ලබාගැනිමට පැමිණීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙන බවත් වෛද්‍ය හසිත තිසේරා මහතා ප්‍රකාශ කරයි. 

No comments:

Post a Comment

Post Bottom Ad