කොල්ලයට එක් වූ උප පොලිස් පරීක්ෂකත් මාට්ටු

ගිනි අවියක් පෙන්වා අකුණු සන්නායකයක් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට සම්බන්ධ බව කියන කිරුළපන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කොළඹ දකුණ නීතිය බලගැන්වීමේ ඒකකයට ලද තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයකදීයි. අත්අඩංගුවට ගැණුනු උප පොලිස් පරීක්ෂකවරයා මීට පෙර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළා. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් සිව් දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment