ඉසුරට දින දෙයි - නැත්නම් මහ ඇමැතිකමෙන් දොට්ට? ජනපතිගෙන් ඉසුරට නියෝග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ඉසුරට දින දෙයි - නැත්නම් මහ ඇමැතිකමෙන් දොට්ට? ජනපතිගෙන් ඉසුරට නියෝග

කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල ගොඩගැසී තිබෙන කැලි කසළ දින තුනක් ඇතුලත ඉවත් නොකරන්නේ නම් මහ ඇමතිධූරයෙන් ඉවත්කරන බවට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තදින් අවවාද කර ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා බස්නාහිර මහඇමති දේවප්‍රිය මහතා පෙරේදා (17) පෙරවරුවේ ජනාධිපති නිල නිවසට කැඳවා මේ බව දැනුම්දී ඇතැයිද රජයේ ආරංචි මාර්ග සදහන් කරයි. කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල කුණු ගොඩගැසීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මහ ඇමතිවරයාට තදින් දොස් පවරා ඇතැයි වාර්තා වේ. ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් පෙරේදා පෙරවරුවේ පැවති හදිසි රැස්වීමේදීත්, ජනාධිපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර එම සාකච්ජාවට මහ ඇමතිවරයා සහභාගී නොවූ බවද වාර්තා වේ. 

මේ අතර කොළඹ මහ නගර සභාවේ කුණු ඉවත්කිරීමේ ටෙන්ඩරය නගර සභාව විසින් වාර්ෂිකව පෞද්ගලික සමාගමකට භාරදිය යුතු වුවත් මෙවර එම ටෙන්ඩරය වසර හතරක කාලයකට එක්වරම ලබාදී ඇති බවද එම ආරංචි මාර්ග පෙන්වා දුන්නේය. වසරකට රුපියල් මිලියන 300 බැගින් වසර හතර සඳහා රුපියල් මිලියන 1200කට එම ටෙන්ඩරය ලබාදී ඇති බව වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad