තාත්තා කෙනෙක් හැටියට අජ්ජා පර්ෆෙක්ට් - කේ සුජීවාගේ පෙර කසාදේ ලොකු දුව කියයි


තාත්තා කෙනෙක් හැටියට අජ්ජා පර්ෆෙක්ට් 
- කේ සුජීවාගේ පෙර කසාදේ ලොකු දුව කියයි

ජනප්‍රිය ගායන ශිල්පි කේ. සුජීවා දෙවන වර ගායක අජිත් මුතුකුමාරණ විවාහ කරගත් පසු මුල් විවාහයේ දරු දෙදෙනා වන වැඩිමහල් දියණිය අංජලී සහ බාල දියණිය රෝස් සමග එක්ව වාසය කරන්නීය. කේ. සුජීවාගේ දියණියන් අජිත් මුතුකුමාරණට කතා කරනු ලබන්නේ ‘අජ්ජා’ යනුවෙනි. 

කුඩා දියණිය රෝස් පවසන ආකාරයට ඇයට ප්‍රසංග වේදිකාව මත කිසිදු බියකින් තොර ව ගීත ගායනා කිරීමේ ශක්තිය ලැබුනේ ‘අජ්ජා’ නිසාය. කලක් විදෙස්ගතව සිට මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින අංජලී පවසන්නේ දැන් පියා වශයෙන් සලකන ‘අජ්ජා’ අංග සම්පූර්ණ පියෙකු බවයි. ඒ ගැන ඇය මෙසේ කියා තිබේ.

අංජලී අප්පච්චිගෙන් ලැබෙන සහයෝගය කොහොම ද?

“අජ්ජා දෙන ඇඩ්වයිස් ඒ වගේ ම කෑ ගහන කෑ ගැහිල්ල අපි ගොඩාක් විඳිනවා. නැගිට්ට වෙලාවේ ඉඳාල නිදා ගන්නකල් මොනවා හරි කියාගනමයි ඉන්නේ. කලිසම කොටයි, කකුල පේනවා. අජ්ජා බය කරලා අපිව හදලා තියෙනවා. මට නිදා ගන්න හම්බෙන්නෙම නෑ. ඇහරවනවා හැම වෙලාවෙම ඩ්‍රම්ස් ප්‍රැක්ටිස් කරන්න කරන්න කියලා. මාර පුෂ් එකක් දෙන්නේ. තාත්තා කෙනෙක් හැටියට අජ්ජා පර්ෆෙක්ට්. ”

 එම පවුලේ ඡායාරූප කිහිපයක්  පහතින්...





අංජලී සහ රෝස් එක් ව අන්තර්ජාලයට නිකුත් කළ Mashup වීඩියෝව පහතින් :





Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment