ඔසඳ යාපා අත්අඩංගුවට ගන්නැයි නියෝග - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

ඔසඳ යාපා අත්අඩංගුවට ගන්නැයි නියෝග

ඔසඳ යාපා අත්අඩංගුවට ගන්නැයි නියෝග
කුරුඳුවත්ත නෙළුම්පොකුණ ආසන්නයේ ඉකුත් වසරේ සිදු වු රිය අනතුරක් සම්බන්ධව අදාල නඩු විභාගයට අධිකරණයේ පෙනී නොසිටිම නිසා රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත් ඔසද යාපා අබේවර්ධන මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලන්සුරිය මහතා අද (13) වරෙන්තු නිකුත් කළේය.

2016 වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ මෙම රිය අනතුර පිළිබදව කුරුඳුවත්ත පොලීසිය මගින් අදාළ නඩුව පවරා තිබිණි. ඒ අනුව කොළඹ රථවාහන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. මෙම නඩුව ලබන ඔක්තෝම්බර් මස 3 වන දා යළි කැදවීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad