ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරඟයක් අද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

ශ්‍රී ලංකාවේ තීරණාත්මක තරඟයක් අද

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ අද පාකිස්තානය සමග පැවැත්වෙන තරගය සදහා ධනංජය ද සිල්වා ක්‍රීඩා කරන්නේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් පවසනවා.

අද තරගය සම්බන්දයෙන් පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා. පුහුණුවීම් අතරතුර පන්දුවක් හිසේ වැදීමෙන් තුවාල ලැබූ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ තත්ත්වය බරපතල නොවන බවද ඇන්ජෙලෝ මැතිව්ස් කියා සිටියා. මෙවර තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය අද ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මෙරට වේලාවෙන් පස්වරු 3ට එංගලන්තයේ කාඩිෆ්හී දී ආරම්භ වීමට නියමිතයි.


එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබනු ඇති. මේ අතර ඊයේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ඨ ජයක් වාර්තා කළ ඉන්දීය කණ්ඩායම මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා ගත්තා.

No comments:

Post a Comment

Post Bottom Ad