සුරගන කතා වලට සීමා වුනු බලු යාලුවෙක් ඇත්තට හමු වෙලා…

මෙම විඩීයෝව මේ වන විට සමාජ ජාලා කළඹමින් ව්‍යාප්ත වෙන බව මුලින්ම පැවසිය යුතුයි..සමාන්‍යයෙන් බල්ලා මිනිසාට පක්ෂපාති සත්වයෙක්…විශේෂයෙන්ම ගෙදර හදන බල්ලා කොහොමත් එහෙමනේ..සමහරක් වේලාට මේ අය තමන්ගේ ස්වාමියාගේ ජීවිතය රැක ගන්න තමන්ගේ ජීවිතය පරදුවට තියනවා..

කොහොමවුනත් ඔබේ සුරතලා බල්ලෙක් නම් ඔබට විපතක් වු විට ඔබව හැර දමා ඔබේ සුරතලා නොයන බව නම් සහතිකවම කියන්නට පුළුවන්..මෙම සිදුවීම සිදුවන්නේ ආර්ජන්ටිනාවේ.. මෙම සුරතල් බල්ලාගේ ස්වාමියා හදිසියේම ගසකින් වැටි තුවාල වෙනවා..මේ සුරතලා මෙම සිදුවීම සිදුවු මොහොතේ සිට ස්වාමියා ළඟින් හෙලවුනේ වත් නෑ..ගිලන් රථයක් එනතුරු තම ස්වාමියා ළඟ රකිමින් ඉඳින මෙවන් සුරතලෙක් දැක්කම හදවත උණුවෙන්නේ නැත්තේ කාගේද?


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment