‘ලන්ඩන් ගින්නෙන් ශ‍්‍රී ලාංකිකයින්ට හානියක් නෑ’..විදේශ කටයුතු අමාත්‍යාංශය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

‘ලන්ඩන් ගින්නෙන් ශ‍්‍රී ලාංකිකයින්ට හානියක් නෑ’..විදේශ කටයුතු අමාත්‍යාංශය

ලන්ඩනයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් තුවාල ලැබු තිස් දෙනෙකු රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා පවසනවා. බටහිර ලන්ඩනයේ ලැටිමර් වීදියේ ග්‍රේන් ෆෙල් මහල් නිවාස සංකීර්ණය මෙලෙස ගිනි ගැනීම ආරම්භ වී ඇත්තේ එරට වේලාවෙන් අලූයම එකට පමණ බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ගින්න පාලනය කිරිම සදහා ගිනි නිවන රථ 40 ක් සහ ගිනි නිවන භටයන් දෙසියයක් යෙදවු බව ලන්ඩනයේ නගරාධිපතිවරයා ප්‍රකාශ කළා. මහල් 27 කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ නිවාස 120 ක් පමණ පිහිටා තිබුණා. ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන් පාහේ විනාශ වී තිබෙනවා. ජීවිත හානි පිළිබද මෙතෙක් නිශ්චිත තොරතුරු වාර්තා නොවන බවද විදෙස් වාර්තාවල සදහන්.

මේ අතර මෙම ගින්නෙන් එරට වෙසෙන ශ්‍රී  ලාංකිකයන්ට හානි සිදුවූ බවට  තොරතුරු වාර්තා වී නොමැති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ. ඒ පිළිබද තවදුරටත් සොයා බලමින් සිටින බවද එම අමාත්‍යාංශය සදහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad