මාරවිල වතු අධිකාරිවරයෙකු අභිරහස් ලෙස බංගලාවේදී සියදිවිනසාගෙන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

මාරවිල වතු අධිකාරිවරයෙකු අභිරහස් ලෙස බංගලාවේදී සියදිවිනසාගෙන

මාරවිල, මුහුදුකටුව ප්‍රදේශයේදී වතු අධිකාරීවරයෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබේ. පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ පරික්ෂාවකදී අදාළ මළ සිරුර ඔහුගේ නිල නිවසේ තිබී සොයා ගත් බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මීට මාස 04කට පමණ පෙර අදාළ ප්‍රදේශයේ වතු අධිකාරීවරයෙකු වශයෙන් රැකියාව සඳහා පැමිණ තිබේ. සියදිවි හානි කර ගැනිමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad