මම අභියෝග බාරගන්න කැමතියි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

මම අභියෝග බාරගන්න කැමතියි

2017-06-12-ent-123
රියලිටි තරගයක් තුළින් ගායකයෙකු ලෙස ක්ෂේත්‍රයට අවතීර්ණ වන රවීන් කණිෂ්ක මේ වනවිට දෙරණ රූපවාහිනියේ විකාශය වන "දෙවෙනි ඉනිම" ටෙලි නාට්‍යයේ අනුහස්ගේ චරිතයට රංගන දායකත්වය සපයයි. ඔහු සිය කලා කටයුතු පිළිබඳ කතාබහකට අපත් සමග එක් විය.
 
කොහොමද රංගන කටයුතු?
හොඳින් කරගෙන යනවා.මේ වෙද්දි හොඳ තැනකට ඇවිත් තියෙනවා.එන්න එන්න ප්‍රතිචාර වැඩිවෙනවා.දැනටමත් ක්ෂේත්‍රයේ ඉහළම තැනකට ඇවිත් තියනවා.
 
රංගනයෙන් දායක වුණු පළමුවෙනි ටෙලිනාට්‍යය නේද මේක?
ඔව්.
 
ඒ සඳහා කොහොමද අවස්ථාව ලැබෙන්නේ?
මේක පටන්ගත්තේ මුලින්ම ලක්සිරි වික්‍රමගේ මහතා හා සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂතුමයි.ගොඩක් කතාබහ කරලා තීරණයක් අරගෙන එතනට අනුහස් කියන චරිතෙට මාව යෝජනාවෙලා තියනවා.ඒ ගොල්ලන් මට කතා කරලා මේක කරන්න කියන වගකීම මට බාරදුන්නා.කවදාවත් මම රඟපාලා තිබුණු කෙනෙක් නෙවෙයි.ඒ ගෞරවය ඒ සමන් එදිරිමුණි ඇතුළු තුන්දෙනාටම හිමි වෙන්න ඕනේ.මේ තුන්දෙනාටමමම ගැන විශ්වාසයක් තියෙන්න ඇති.ඒ විශ්වාසය ඉදිරියටත් මම තියාගෙන යනවා.
 
මේ සඳහා ආරාධනාවක් ලැබුණාම මොකද හිතුණෙ.මේ අභියෝගය බාරගන්න පැකිළීමක් තිබුණෙ නැද්ද?
මම අභියෝග බාරගන්න කැමතියි.නමුත් මේ වගේ අභියෝගයක් බාරගෙන තිබුණෙ නෑ.මම කවදාවත් නොකරපු වැඩක් නිසා ඇත්තටම ඒක අභියෝගයක් වුණා.ඒ වුණාට ප්‍රවීණ ශිල්පීන් හා අධ්‍යක්ෂවරයාමට ඒකෙ බරක්පතලක් දැනෙන්න දුන්නෙ නැහැ. නමුත් මට අදටත් ඒක ලොකු වගකීමක්. මොකද ප්‍රේක්ෂකාගාරයේ අවධානය දිනාගන්න ගමන් ඒ අනුහස් කියන චරිතය අපි ගෙනියන්න ඕනේ.ඒ චරිතෙට සාධාරණයක් කරන්න තමයි මම පුළුවන් හැමතිස්සේම මම හිතන්නේ.
 
අද නාළිකාවල බොහොමයක් ටෙලිනාට්‍ය අතර දෙවැනි ඉනිමට හොඳ ප්‍රතිචාර තියෙනවා.මේ ගැන මොකද හිතන්නේ?
මුලින්ම ඒ ගෞරවය හිමිවෙන්න ඕනේ මේකෙ තිර පිටපත් රචකයාට.සමන් එදිරිමුණි මහත්මයා බහුතරයක් මිනිස්සුන්ට සමීප සිද්ධිතමයි ලියන්නේ. එතකොට මිනිස්සුන්ගෙන් ඈත් වුණ මින්සුන්ට සිදු නොවන කතා නෙවෙයි මොහු ලියන්නේ.ඒ සමීපකම තමයි මිනිස්සුන්ට මේක ගොඩක් වදින්න හේතුව කියලා මම හිතන්නේ.ඒ වගේ සාරංග මෙන්ඩිස් කියන දක්ෂ අධ්‍යක්ෂවරයා සමන් එදිරිමුණි ලියන කතාව බොහොම සූක්ෂ්ම අයුරින් බොහොම ලස්සනට ප්‍රේක්ෂකයන්ට රූපවාහිනියේ බලන්න පුළුවන් විදියට හදන නිසා තමයි මේ තත්ත්වය අද තියෙන්නේ. 2017-06-12-ent-124
 
ඔබ කියන විදියටමේක පොළොවේ පය ගහලා ජීවත්වන මිනිසුන්ගේ කතාවක්?
පොළවේ පය ගහලා ජීවත්වන මිනිසුන්ට හා හැඟීම් දැනීම් තියෙන මිනිසුන්ට මේක දැනෙනවා.ආදරය කරන, විරහව විඳලා තියෙන, අසාධාරණයට ලක්වෙලා තියෙන මිනිසුන්ට මේ කතාව ගොඩක් සමීපයි.කතාවෙදි අපි දෙන හැඟීම් ඇත්තටම ඔවුන් ජීවිතයේ විඳලා තියෙනවා.ඒ නිසා ඉක්මනට ඔවුන්ට ඒ කතාව කාවදිනවා කියලා මම හිතනවා.
 
මේ චරිතය ඔබටකොතරම් සමීපද?
අනුහස් කියන චරිතයේදි ඇත්තටම මට රඟපාන්න කියලා දෙයක් නැහැ.75%කට එහා ගොඩක්ම කරන්න තියෙන්නේ මගේ චරිතයම තමයි.මම බොහොම සන්සුන් චරිතයක්. අනුහස් වගේ ඇඟට කඩා පනින්නේ නෑ.අනුහස්ගේ ජීවිත කතාව ගත්තොත් ඒකෙ සමානකම් ගොඩක් අඩුයි මට.නමුත් චරිත ස්වභාවය ගත්තොත් සෑහෙන්න මගෙයි, අනුහස්ගෙයි චරිත සමානයි.
 
රංගනයත් එක්ක ගායනයට මොකද වෙන්නේ?
ගායකයාට පුංචි නිවාඩුවක් දීලා තියෙන්නේ මම.මම ගොඩක් කැමතියි අත්දැකීම් එකතු කරගන්න.මේ වැඩේ ඉවරවුණ ගමන් ඉදිරියට එන්නේ ගායකයා තමයි.නළුවා නෙවෙයි.මගේ ඊළඟ ඉනිම වෙන්නේ රංගනය හා ගායනය බැලන්ස් කරගෙන යන එක තමයි.
 
ඒ කියෙන්නෙ මේ කතාවෙන් පසුව කෙළින්ම ඔබ රංගනය හා ගායනය දෙකම බ්‍රෑන්ඩ් කරනවා?
බ්‍රෑන්ඩ් කරන එක නෙවෙයි, ඇත්තටම ප්‍රේක්ෂකයන් මගෙන් මුලින්ම දැක්කේ ගායකයෙක්.ඒ ගායකයා පැටළෙන්න දෙන්නේ නෑ.දෙවෙනි ඉනිමේ අනුහස් කියන චරිතය රවීන් වෙනම තැනකට ගෙනිච්චා.ගායකයාට ඒ දෙන්න ඕනෙ තැන දීලා, මා තුළ නළුවෙක් ඉන්නවා නම් ඒ නළුවාත් තියන්න ඕනෙ තැන තියලා ඉදිරිගමන මම ගෙනියනවා.මාව මාර්කට් කරන්න උත්සාහ දරපු කෙනෙක් නෙවෙයි මම මෙතුවක් කාලෙකට.
 
මේ ක්ෂේත්‍රයේ අත්දැකීම් කෙහොමද?
මම එළියට එන්නේ රියලිටියක් හරහා.මගේ විවිධ දක්ෂතා එළියට එන්නේ රියලිටි නිසා.හරිදෙයක් තෝරාගෙන, හරි පුද්ගලයන් ආශ්‍රය කරලා තෝරාබේරාගෙන හොඳ දේවල් කරන්න නුවණක් තියෙන්න ඕනේ.මට නුවණක් තියනවා කියනවා නෙමෙයි.එහෙම කරපු නිසා තමයි මම අද හොඳ තැනක ඉන්නවානම් ඉන්නේ.මමත් රියලිටි එකකින් ආපු කෙනෙක්.ඉතින් හොඳයි.දිගටම රියලිටිවල ඉන්න මගේ අදහසක් නැහැ.
 
ඔබේ ඉදිරි බලාපොරොත්තු මොනවාද?
දෙවැනි ඉනිමේ වැඩ ඉවර වුණ ගමන්ම මගෙ සංගීත ජීවිතයේ වැඩ සැලසුම් කරන එක තමයි කරන්නේ.ඊට පස්සෙ ගායකයා හා නළුවා කියන දෙන්නාම බැලන්ස් කරගෙන ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.වෘත්තීය වශයෙන් නෙවෙයි මගේ විනෝදාංශය වශයෙන් තමයි මම ඒ දේවල් කරන්නේ.මගේ ව්‍යාපාරයක් කරගෙන පාඩුවේ ඉන්න එක තමයි මම වෘත්තිය විදියට කරන්න හිතාගෙන ඉන්නේ.
 
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - මිහිර බණ්ඩාර

No comments:

Post a Comment

Post Bottom Ad