මක්කම මහ පල්ලියට ත්‍රස්තවාදී ප්‍රහාරයක උත්සාහයක්

ඉස්ලාම් භක්තිකයන්ගේ ශුද්ධ වූ පුද බිම වන මක්කම මහ පල්ලියට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමේ "ත්‍රස්තවාදී ක්‍රියාවක්" වැලැක්වූ බව සවුදි අරාබිය පවසයි.

ආරක්ෂක හමුදා මරාගෙන මැරෙන ප්‍රහාරකයා රැඳී සිටි ගොඩනැගිල්ල වැට ලූ අවස්ථාවේ ඔහු සිය බෝම්බය පුපුරවා ගත් බවත් සවුදි අරාබියේ අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යාංශය පවසයි. ඒ අවස්ථාවේ එම ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු එකොලොස් දෙනෙකු තුවාල ලබා තිබේ.

සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් බවට සැක කෙරෙන තවත් පස් දෙනෙකු එහිදී අත්අඩංගුවට ගනු ලැබූ බවත් බලධාරීහු පවසති. රාමදාන් උපවාස සමය අවසන් කිරීමේ උත්සවය සඳහා දස ලක්ෂ සංඛ්‍යාත මුස්ලිම් ජනතාව මක්කම පුද බිමට රොක් වී සිටියහ.


 ගොඩනැගිල්ල කඩා වැටීම හේතුවෙන් පොලිස් නිලධාරීන් ඇතුළු එකොලොස් දෙනෙකු තුවාල ලබා තිබේ.

මෑත වර්ෂ කිහිපය තුළ සවුදි අරාබියට දරුණු ප්‍රහාර කිහිපයක්ම එල්ල වූ අතර, එයින් බහුතරය තමන් විසින් එල්ල කරන ලද බව ඉස්ලාමීය රාජ්‍යය (IS) සංවිධානය පිළිගෙන තිබේ. ඒ අතරින් බොහෝ ප්‍රහාර එල්ල වූයේ ෂියා මුස්ලිම් සුළුතර ප්‍රජාව සහ ආරක්ෂක හමුදා ඉලක්ක කරගනිමිනි.

සවුදි අරාබිය, ඇමෙරිකා එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් අයිඑස් සංවිධානයට සහ සිරියාවේ හා ඉරාකයේ සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහි සන්ධානයේ සාමාජිකයෙකි.

(බීබීසී සිංහල සේවය)


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment