ගුවන්සේවා ලොක්කා නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දෝෂ දර්ශනයට.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

ගුවන්සේවා ලොක්කා නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දෝෂ දර්ශනයට..

පසුගියදා ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් Daily FT පුවත්පතට “ICAO Secretary General meets Civil Aviation DG” යන ශීර්ෂය යටතේ ලබාදී තිබූ පුවත ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව ඇත.

ඔවුන් එම පුවත වහාම නිවැරදි කරන ලෙස දන්වා ඊමේල් පණිවුඩ කිහිපයක් යොමුකොට ඇති බවද වාර්තා වේ. මුලින් ඒපිළිබඳ කිසිදු තැකීමක් සිදුකර නොමැති චන්ද්‍රසේන අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුව ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය නිල වශයෙන් දැනුම්දුන් පසු අදාළ පුවත් නිවැරදි කොට ඇත.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංගමයේ කළමනාකාරවරයකු (Manager) හමුවීම, එහි මහ ලේකම්වරයා (Secretary General) හමුවීම ලෙස හුවා දක්වමින් අනවශ්‍ය ප්‍රචාරයක් ලබාගැනීමට උත්සාහ ගත්තද එයින් සිදුව ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපකීර්තියට ලක්වීමකි.

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය ඊමේල් පණිවුඩයක් යොමු කරමින් පවසා ඇත්තේ මෙවැනි සිදුවීම් වලින් සිදුවන්නේ ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර පවතින විශ්වාසය පළුදුවීම බවය.

No comments:

Post a Comment

Post Bottom Ad