කබීර් - යාපා කාමර අවුල අවසන්: යාපා අද වැඩ අරඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

කබීර් - යාපා කාමර අවුල අවසන්: යාපා අද වැඩ අරඹයි

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්වූ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ අමාත්‍යාංශ පරිශ්‍ර පිළිබඳ ප්‍රශ්නය මේවන විට අවසන් වී තිබේ. ඒ අනුව අද (19) දින උදේ 11.45 ට යෙදෙන සුබ නැකැතින් ඒ මහතා වැඩභාර ගැනීමට නියමිතය.
ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ පිහිටි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා භාවිත කළ කාමර නවයෙන් තුනක්‌ සහ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ 23 වන මහලේ පිහිටි තවත් කොටසක්‌ ලබාදීමට අමාත්‍යාංශ ලේකම්වරයා කළ යෝජනාවට ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා එකඟත්වය පළ කිරීමත් සමඟ මේ ප්‍රශ්නය නිමාවට පත්ව ඇත.

කලින් මුදල් රාජ්‍ය ඇමැති ලෙස කටයුතු කළ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පසුගිය අමාත්‍ය මණ්‌ඩල සංශෝධනයේදී ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැතිවරයා ලෙස පත්විය. ඉන්පසු හිටපු නියෝජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා භාවිත කළ කොටසේ වැඩභාර ගැනීමට සියලු කටයුතු සූදානම්ව තිබියදී ඊට පෙරදින රාත්‍රියේ ඇමැති කබීර් හෂීම් මහතා විසින් එම කාමර නවයෙන් හයක්‌ බලෙන් අල්ලා ගැනීම නිසා මේ ප්‍රශ්නය ආරම්භ විය. ඊට විරෝධය පළකළ ලක්‍ෂ්මන් යාපා ඇමැතිවරයා වැඩභාර නොගෙන මාතර බලා පිටත්ව ගියේය.

අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය සහිත විශේෂඥ උපදේශක ව්‍යාපෘතියක්‌ වෙනුවෙන් කබීර් හෂීම් මහතා විසින් එම කාමර 6 ක්‌ අල්ලාගෙන තිබිණි. එම ව්‍යාපෘතියට අලුතින් ඉඩ අවශ්‍ය නිසා ලක්‍ෂ්මන් යාපා ඇමැතිවරයාට ලබාදෙන අලුත් ඉඩ ප්‍රමාණයට (23 වන මහලේ) යන කුළී වියදම රජයට අලුතින් දැරීමට සිදුවන්නක්‌ නොවන බවද ආරංචි මාර්ග පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad