අනියම් ඇසුරකට බැන්න නිසා බිරිය සැමියාට ලියුමක් ලියලා මහණ වෙන්න ගිහින් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

අනියම් ඇසුරකට බැන්න නිසා බිරිය සැමියාට ලියුමක් ලියලා මහණ වෙන්න ගිහින්

තණමල්විල පදිංචි තිදරු මවක් ඇය පැවැදි වීමට යන බව සදහන් කරමින් සැමියාට ලිපියක් ලියා පෙරේදා (21දා) උදෑසන නිවෙසින් පිටව ගොස් ඇති බව කාන්තාවගේ සැමියා තණමුල්විල පොලීසියට පැමිණිල්ල් කර තිබේ.

බිරිය ගමේ තරුණයකු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන යන බවට ආරංචි පැතිරී යෑම හේතුවෙන් තමන් ඇයව අවස්ථා කිහිපයකදීම අවවාද කළ බවත්, ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර නිතර අඩදබර සිදුවූ බවත් හෙතෙම පොලීසියට පවසා ඇත. තමා ගැන සොයා නොබලන ලෙසත්, පැවිදි වීමට යන බවත් සදහන් කරමින් ලිපියක් ලියා ඇය මෙසේ නිවෙසින් පිටව ගොස් ඇති හෙයින් ඇයව සොයා දෙන ලෙස සැමියා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad