දකුණු අප්‍රිකානු ලීග් ක්‍රිකට් පිලක් ෂාරුක් මිලට ගනී

දකුණු අප්‍රිකාවේදී ඉදිරියේදී ආරම්භවීමට නියමිත විස්සයි 20ලීග ක්‍රිකට් තරගාවලියේ එක් කණ්ඩායමක හිමිකාරිත්වය ඉන්දියාවේ සුපිරි සිනමා නළු ශාරුක් ඛාන් විසින් හිමිකරගෙන තිබේ.

කණ්ඩායම් අටක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියේ කේප් ටවුන් කණ්ඩායමේ හිමිකාරිත්වය ශාරුක් ඛාන් ලබාගෙන තිබේ. ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලිය මෙන් පැවැත්වීමට නියමිත තරගාවලියේ කණ්ඩායම්, හිමිකරුවන් හා ප්‍රධාන ක්‍රීඩකයන් ලන්ඩනයේදී එළි දැක්වීය. ක්‍රීඩකයන් 400ක් පමණ තරගාවලියට එක්වීමට මේ වන විට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර එහි ක්‍රීඩකයන් තෝරා ගැනීම අගෝස්තු මාසයේදි පැවැත්වීමට නියමිතය.

Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment