මැති සබේ උණුසුම් තත්ත්වයක් - රාජිත එනතුරු පාර්ලිමේන්තුව කල් තබයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

මැති සබේ උණුසුම් තත්ත්වයක් - රාජිත එනතුරු පාර්ලිමේන්තුව කල් තබයි

මැති සබේ උණුසුම් තත්ත්වයක් - රාජිත එනතුරු පාර්ලිමේන්තුව කල් තබයි
පාර්ලිමේන්තු සභා ගැබේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුව අද(20) පස්වරු 1.50ට කල් තැබීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගත්තේය.

ඩෙංගු වසංගත තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා යොමු කළ ප්‍රශ්නයට අගමැතිවරයා හෙට දිනයේ පිළිතුරක් දෙන බව සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කියා සිටි අවස්ථාවේ සභාව උණුසුම් විය.

ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් ජනපති, අගමැති හා අදාළ බලධාරීන් සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගැනීමට නියමිත බව අමාත්‍ය දයා ගමගේ මහතා පවසා සිටි අතර මේ සම්බන්ධයෙන් පක්ෂ නායකවරුන් රැස්වී තීන්දුවක් ගැනීමට කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුව කල් තබන බව කථානායකවරයා දන්වා සිටියේය. පසුව ඒ හේතුවෙන් කල් තැබූ පාර්ලිමේන්තුව යළි පස්වරු 2.10ට ආරම්භ විය.

ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැමිණීමට නියමිත බව කථානායකවරයා සභාවට දැනුම් දුන් අතර යළි පස්වරු 2.35ට පාර්ලිමේන්තුව කල් තැබිණි. සෞඛ්‍ය ඇමැතිවරයා පැමිණි පසු පාර්ලිමේන්තුව යළි ආරම්භ වන බව කථානායකවරයා දන්වා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad