පාසල් සිසුවෙකුට ගුරුවරයෙක් පහර දෙයි - මාධ්‍යවේදීන් දෙදෙනාට විදුහල්පති ඇතුළු ගුරුවරුන් පහර දෙයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 12, 2017

පාසල් සිසුවෙකුට ගුරුවරයෙක් පහර දෙයි - මාධ්‍යවේදීන් දෙදෙනාට විදුහල්පති ඇතුළු ගුරුවරුන් පහර දෙයි (VIDEO)

හැටන් සෙන්ජෝන් ඩිලරි දෙමළ විද්‍යාලයේ දහවන වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට එම පාසලේ  ඉංග්‍රීසි මාධ්‍ය උගන්වන ගුරුවරයෙකු විසින් 09 වන දා පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේ ආදී සිසුන් හා දෙමාපියන් එම පාසල ඉදිරිපිට අද (12) පැවැත්වූ උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගිය ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට එම විදුහලේ විදුහල්පති ඇතුළු ගුරුවරුන් පිරිසක් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

එම පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන අමරේෂන් අනුෂාන් නැමැති සිසුවාට පාසලේ බාහිර ක්‍රියාකාරකම් සිදු නොකළ බව පවසමින් එම පාසලේ ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරයා පහර දුන් බවට පවසමින් පොලීසියට  කරන ලද පැමිණිල්ල මත අද දින ඔහුව අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

එම සිසුවා තව දුරටත් දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විරෝධය පල කිරීමට සිසු සිසුවියන්ගේ දෙමාපියන් හා ආදී සිසුන් පිරිසක්ද අද රැස්වූ අතර ඒ දෙපාර්ශවය අතර උණුසුම් තත්වයක් ඇති විය.එම උණුසුම් තත්වය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට විදුහල්පති ඇතුළු ගුරුවරුන් විසින් පහර දී ඇත. පාසල් සිසුවාට පහර දීම පිලිබඳ පුවත්පත් වාර්තා කර තිබීම නිසා එයට උරණ වී තමන් වෙත පහර දුන් බවට මාධ්‍යවේදීන් පොලීසියට පැමිණිලි කර ඇත.

එමෙන්ම එම මාධ්‍යවේදීන් දෙදෙනා පාසලේ රාජකාරීවලට බාධා කල බව පවසමින් විදුහල්පතිවරයාද පොලීසියට  පැමිණිල්ලක් කර ඇත.
දෙමව්පියන්ගේ චෝදනාව වුයේ මීට ප්‍රථම අවස්ථා කිහිපයකදීම දරුවන්ට පහර දී ඇති බවයි.මෙම දෙපාර්ශවය අතර ඇති වූ උණුසුම් තත්වය පාලනය කිරීමට නෝර්වුඩ් පොලිස් නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දරා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad