පාසල් ගාස්තු ප්‍රමාදය නිසා දැරියන් දෙදෙනෙකුට ලජ්ජා නැති දඬුවමක් දුන් ගුරුවරිය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

පාසල් ගාස්තු ප්‍රමාදය නිසා දැරියන් දෙදෙනෙකුට ලජ්ජා නැති දඬුවමක් දුන් ගුරුවරිය

ඉන්දියාවේ මහාරාස්ටා හි පාසැලක ගුරුවරියක් සිසුවියන් දෙදෙනෙකුට දුන් අමානුෂික දඬුවමයි මේ. වයස අවුරුදු 6 ක් සහ වයස අවුරුදු 8 ක් වුණු එකම පවුලේ අක්කයි නංගියි දෙන්න පහුගිය සිකුරාදා පාසල් ගිය වෙලාවේ ගුරුවරිය ඔවුන්ගෙන් පාසල් ගාස්තු ඉල්ලනවා. පසුගිය දින කිහිපයේම මේ ප්‍රශ්නය නිසා දැරියන් පාසල් ගියෙත් නැහැ. ඔවුන් කියනවා තාත්තා එදින හවස එය ගෙවා දමයි කියල.

හැබැයි ගුරුවරිය ඒක අහන්න ලෑස්ති නැහැ. ඇය ඔවුන්ට දෙන්නේ ලොකු දඬුවමක්. මේ දැරියන්ගේ ඇඳුම් ගලවල, ඔවුන්ට පාසල වටේ ඇවිදින්න කියල ඇය අණ කරනවා. ඒ අණ ක්‍රියාත්මක කරන්න පරක්කු වෙද්දී ඇය ඔවුන්ට පහර දුන්නා. ඉන් පස්සේ හවස් වෙනකම් ම ඔවුන් ව නිරුවතින් තිබ්බ. හවස පාසලට ආපු දරුවන්ගේ පියා මේ සිදුවීමෙන් පත්වුණේ ලොකු කම්පාවකට. ඔහු විදුහල්පතිට මෙය පැමිණිලි කරනවා.

හැබැයි ඔහු එයට දක්වන ප්‍රතිචාරය වුණේ මේ තාත්තට ගහල පන්නනවා කියල තර්ජනය කිරීමයි. මේ ගැන අන්ත්මට පොලිසියට පැමිණිලි කරන්න මේ ගෙදර අය පියවර ගන්නවා. දැන් මේ විදුහල්පතියි වගේම ගුරුවරියත් ඉන්නේ පොලිස් අත්අඩංගුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad