ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ හමුදාව නියමුවන් රහිත ගුවන් යානා දෙකක් හදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

ඉතිහාසයේ ප්‍රථම වතාවට අපේ හමුදාව නියමුවන් රහිත ගුවන් යානා දෙකක් හදයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ පිටිපන පිහිටි පර්යේෂණ සහ සංවර්ධන ඒකකය, ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉංජිනේරු අංශවලද සහය මත වසර හතක් තිස්සේ කරන ලද පර්යේෂණවල සාර්ථකත්වය මත ‘ඩ්‍රෝන’ යානා 20 ක් සහ නියමුවන් රහිත යූ. ඒ. වී. ගුවන් යානා දෙකක්ද නිපදවා තිබේ.

එම නියමුවන් රහිත ගුවන් යානා දෙකෙහි වැඩ අවසන් කර ඒවා පරීක්ෂණ මට්ටමේ තිබෙන බව ශ්‍රී ලංකා යුද හමුදාවේ පර්යේෂණ මට්ටමේ තිබෙන බව ශ්‍රී ලංකා යුද හමුදාවේ පර්යේෂණ සහ සංවර්ධන අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් මිරාන් ද සිල්වා මහතා පැවසීය. 

ආරක්ෂක ලේකම් ආචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පසුගියදා මේ පිලිබඳ කරුණු හෙළිදරව් කොට තිබුණු අතර, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසු අවස්ථාවේ ඔහු සඳහන් කළේ යුද හමුදාවේ පර්යේෂණ අංශය සිදුකරගෙන යන එම ක්‍රියාදාමය සාර්ථක වී ඇති බවයි.

(ජනයුගය – 2017.06.16)

No comments:

Post a Comment

Post Bottom Ad