සෞඛ්‍යය අමාත්‍යාංශට ජනාධිපති පත්කල ලේකම් උදය සෙනෙවිරත්න වැඩේ අත නොහරි… ජනාධිපති කාර්යාලය තිබු ආපදා රැස්වීමට සෞඛ්‍යය ලේකම් ලෙස සහභාගි වේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

සෞඛ්‍යය අමාත්‍යාංශට ජනාධිපති පත්කල ලේකම් උදය සෙනෙවිරත්න වැඩේ අත නොහරි… ජනාධිපති කාර්යාලය තිබු ආපදා රැස්වීමට සෞඛ්‍යය ලේකම් ලෙස සහභාගි වේ…

සෞඛ්‍යය අමාත්‍යාංශට මෑතකදී ජනාධිපතිවරයා විසින් පත්කල උදය සෙනෙවිරත්න ලේකම්වරයාට අමාත්‍යාංශයේ මෙතෙක් රාජකාරි භාරගැනීමට අවස්ථාවක් ලබානොදිමට සෞඛ්‍යය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කටයුතු කල බැව් වාර්තා විය.

එහෙත් ඊයේ (13) වෙනිදා පෙරවරුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආපදා කළමනාකරණ රැස්වීම ජනාධිපති කාර්යාලයේදි පැවතුනි. ඒ සඳහා සෞඛ්‍යය හා පෝෂණ අමාත්‍යාංශයේ ලේකම් ලෙස උදය සෙනෙවිරත්න මහතා සහභාගි වූ අතර ඔහු මෙතෙක් වැඩ භාර ගැනීමට අමාත්‍යාංශයට නොපැමිණීයත් මෙම රැස්වීමට අමාත්‍යාංශයේ ලේකම් ලෙස සහභාගි විශේෂත්වයකි.

ඒ නිසා එම අවස්ථාවට සහභාගි වූ අනෙකුන් රාජ්‍ය නිලධාරින් ඔහුගේ ක්‍රියාව එඩිතර ක්‍රියාව සම්බන්ධව සතුට පලකලේය. එමෙන්ම රාජ්‍ය නිලධාරින් ලෙස අමාත්‍යවරුන්ගේ රූකඩ බවට පත්නොවීම සම්බන්ධව ඔහුට එම අවස්ථාවට සහභාගි වූ නිලධාරින් සුභ පැතිය.

No comments:

Post a Comment

Post Bottom Ad