විග්නේශ්වරම්ට එරෙහි විශ්වාසභංගය සම්බන්ධන් ඉල්ලා අස්කර ගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

විග්නේශ්වරම්ට එරෙහි විශ්වාසභංගය සම්බන්ධන් ඉල්ලා අස්කර ගනී

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතාට එරෙහිව විශ්වාසභංගය ඉල්ලා අස් කර ගන්නා බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා විසින් ඊයේ 19 උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා වෙත ලිපියක් මඟින් දැනුම් දී ඇත.

යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමන් හා යාපන ප්‍රධාන හින්දු පූජක ශ්‍රී ශ්‍රී සෝමසුන්දරම් පුජකතුමන්ගේ මැදිහත් වීම මත මෙම අර්බුදය විසදුමකට ගෙන ඒමට හැකි වූ බව සම්බන්ධන් මහතා එහිදී සඳහන් කර ඇත. මේ අනුව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂය විසින් ගෙන ආ විශ්වාසභංගය තමිල් අරුසුකච්චි පක්ෂය විසින්ම ඉල්ලා අස් කර ගන්නා බවත් අමාත්‍යවරුන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලටද ඇඟිලි ගැසීම නොකරන බවත් සම්බන්ධන් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

දුෂණ චෝදනා සනාථ නොවූ අමාත්‍යවරුන් දෙදෙනෙකු මසක නිවාඩුවක් සහිතව අමාත්‍ය ධූර අත් හිටුවීමට තීරණය කිරීමත් සමඟ මහ ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට තමිල් අරුසුකච්චි පක්ෂය පියවර ගෙන තිබුණු අතර එකී තීරණය වෙනස් කරන බවට මහ ඇමතිවරයා එකඟතාව පළ කරමින් ලිපියක් යැවීමත් සමඟ මෙම විශ්වාසභංගය ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බවට විපක්ෂ නායකවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.

(වන්නි-රොමේෂ්) 

No comments:

Post a Comment

Post Bottom Ad