ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේලද ? ඇත්ත මෙන්න - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 20, 2017

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මහේලද ? ඇත්ත මෙන්න


මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා කියලා විවිධ වෙබ් අඩවි සඳහන් කරනවා. 

එම වෙබ් අඩවි කියන විදියට වත්මන් පුහුණුකරු ග්‍රැහැම් ෆෝර්ඩ් සිය බඩුබාහිරාදිය රැගෙන සිය මවුරට බලා ගොස් තියෙන නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මහේල ජයවර්ධන සමග සාකච්ඡා ආරම්භ කර ඇත්තේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා දක්ෂ කණ්ඩායමක් සැකසීමේ අරමුණින් ලු.

කෙසේ වෙතත් මෙම පුවතේ කිසිඳු සත්‍යතාවයක් නැහැයි කියලයි මහේල ජයවර්ධන නම් කියන්නේ. ඒ ඔහුගේ ට්විටර් ගිණුම හරහා… මේ පුවත පිළිබඳව මහේලගේ ට්විටර් ගිණුම හරහා එක් පුද්ගලයෙකු ප්‍රශ්නයක් අසනවා.  

“මහේල අයියා ලංකාවේ මීළඟ ප්‍රධාන පුහුණුකරු ධුරයට ඔයා එක්ක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාකච්ජා කළාද ?”

මහේලගේ උත්තරේ – “නැහැ”
ඒ අනුව දැනට මහේල ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ගන්නවා කියලා කිසිවෙකුත් ඔහු සමඟ සාකච්ජා කරලා නැහැ කියලා තමා අපිට කියන්න පුළුවන් වෙන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad