සුසන්තිකාට ඔලිම්පික් පදක්කම දිනූ පිටියේ සිකියුරිටි ජොබ් එකක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

සුසන්තිකාට ඔලිම්පික් පදක්කම දිනූ පිටියේ සිකියුරිටි ජොබ් එකක්!

තමා දිනූ පදක්කම අලෙවි කිරීම සම්බන්ධයෙන් උද්ගත වූ ආන්දෝලනාත්මක පසුබිම සහ දයාසිරි ජයසේකර ක්‍රීඩා අමාත්‍යවරයා සමග පවතින අර්බුදකාරී වාතාවරණයත් එයට පසුබිම් වූ කතාව ඇතුළත් බොහෝ දේ පිළිබඳවත් ඔලිම්පික් සම්මානලාභී සුසන්තිකා ජයසිංහ පුවත්පතකට අදහස් පළ කර තිබෙනවා.

ඉන් උපුටා ගත් කොටසකි මේ

ඔබට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වැටුප් ගෙවන  රැකියාවක් දීලා තියෙද්දී මොකක්ද මේ ගැටුම?

පත්වීම් ලිපියක් දුන්නා. ඒත් කිසිම වැඩක් කරන්න නෑ. පත්වීම් ලිපියක් දුන්න පලියට රජයේ ආයතනයක ඒ ඒ අංශවල ප්‍රධානීන් ඉද්දී මට ඕනෑ දෙයක් කරන්න බෑ. මටත් රාජකාරියක් භාරදිය යුතුයි. පත්වීම් ලිපියක් දුන්නට කිසිම දිනෙක රාජකාරියක් භාරදුන්නේ නෑ. අපෙන් කිසිම වැඩක් ගත්තේ නෑ. බොහෝ තැන්වල අපි හමුවුණා. කොහොමද සුසන්තිකා වැඩ ටික කරගෙන යනවද ඇහුවා. මම කීවා අනේ සර් තාම කිසිම වැඩක්වත්, මට ඉන්න තැනක්වත් දීලා නෑ. ඒ වෙලාවල්වල කෝල් අරන් තරහින් බණිනවා ඇයි ඒක නොකරන්නේ කියලා. මෙයාට නෑ කියන්න බෑ. හැබැයි මෙයාට මාත් එක්ක නම් කට ගහලා දිනන්න බෑ. මම අනිවාර්යයෙන්ම මේ ඇත්ත කියන්නේ. මට ඔය රැකියාව තිබුණත් එකයි නැතත් එකයි. මම මේ රටට කිසිම කෙනකුට කරන්න බැරි දෙයක් කරපු කෙනෙක්. ඒ නිසා මම ඇත්ත කියන්න ඕනෑ. ක්‍රීඩකයෝ කන්නේ කොහොමද, අඳින්නේ කොහොමද, ක්‍රීඩකයෙක් ජාත්‍යන්තරයට යන්න අඩුම තරමේ කෝට් එකක්වත් තියෙනවාද, ඒ කිසිම දෙයක් සම්පූර්ණ කරන්නේ නෑ. සොයා බලන්නේ නෑ.

ඇමැතිවරයා කියන්නේ ඔබ උදව් කරන ඔක්කොම ඇමැතිවරුන්ටම මේ විදිහට චෝදනා එල්ල කරනවාලු?

බලන්න ඒකත් අමූලික බොරුනේ. එස්.බි. ඇමැතිතුමා එක්ක මගේ පෞද්ගලික ප්‍රශ්නයක් ඇතිවුණා. නමුත් එතැනදී නිලධාරීන් යම් යම් දේවල් කළාට එස්.බි. ඇමැතිතුමා කිසිම දෙයක් කළේ නෑ. ඇමැතිගෙන් ලකුණු දාගන්න නිලධාරීන් තමයි බොහෝ දේවල් කළේ. ඊට පස්සේ කොතරම් ඇමැතිලා හිටියද? එස්.බි. ඇතුළු කිසිම කෙනෙක් එක්ක මම ගැටුම් ඇති කරගෙන නෑ. නමුත් මේ ඇමැති එක්ක තමා මෙහෙම වුණේ.

ඔබ ගුණමකුයි කියලයි චෝදනා එල්ල වෙන්නේ?

මමද ගුණමකු? දයාසිරි ජයසේකර ඇමැතිවරයාද කියලා මේ රටේ ජනතාව තීරණය කරාවි. එයාට තමයි කළගුණ මතක නැත්තේ.  මේ ජනපතිතුමාට අපි කවදාවත් එහෙම නොහොබිනා වැඩ කරලා නෑ. අපි රටට කීර්තියක් ගෙනැත් දුන්න අය. අපි ගුණමකු නෑ. ගුණමකු කවුද කියලා මේ රටේ සියලුම මිනිස්සු දන්නවා. මට කොතරම් චෝදනා, මඩ එල්ල කළත් මම අයුක්තියට හිස නවන්නේ නෑ.

සුසන්තිකා මේ වෑයම් කරන්නේ ඔස්ට්‍රේලියාවට පැන ගැනීමටලු?

පට්ටපල් බොරු. මට මේ වසර අවසන් වනතුරු ඇමෙරිකන් වීසා තියෙනවා. දරු දෙන්නට, අම්මට, තාත්තටත් එක්ක. මම ආසම රට ඇමෙරිකාව. ඒත් මට එහෙම යන්න ඕන නෑ. මට ඇමැතිට වගේ රට යන ආසාවල් නෑ. මම ඕන තරම් රටවල්වලට ගිහින් තියෙනවා. මුළු යුරෝපයටම ගිය මට රට යන මේනියාවල් තිබුණා නම් ඒ කාලෙම මම පිටරටකට දුවනවා. මම කීවේ පදක්කම විකුණලා ඔස්ට්‍රේලියාවට යනවා කියලා. මොකද පදක්කම දිනුවේ ඒ රටේ. ඉතින් මට රැකියාවක් දෙනවා නම් පදක්කම දිනපු පිට්ටනියේ සිකියුරිටි ජොබ් එකක්. මේ අයට ඒ තරම්වත් ටිකිරි මොළයක් නෑ.

පදක්කමට ඉල්ලුමක් ආවද?

ඔව්, රුපියල් කෝටි 25කට මගේ පදක්කම මිලදී ගන්න විදේශිකයෙක් සූදානම්

No comments:

Post a Comment

Post Bottom Ad