ශ්‍රීලනිපයේ සියලු මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් අනිවාර්ය කැඳවීමක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

ශ්‍රීලනිපයේ සියලු මන්ත්‍රීවරුන්ට ජනපතිගෙන් අනිවාර්ය කැඳවීමක්!

ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් අද(15) ජනාධිපති නිල නිවසට කැඳවා තිබේ. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අද ජනාධිපති නිල නිවෙසට කැඳවා ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මන්ත්‍රිවරුන් අනිවාර්යෙන්ම සහභාගි විය යුතු බව ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථා සම්පාදන මෙහෙයුම් කමිටුව, විවිධ විෂයයන්ට අදාළව මේ වන විට වාර්තා හයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙතෙක් සිය යෝජනා හෝ මතය ප්‍රකාශ කර නොමැත. ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මේ පිළිබඳව මූලික සාකච්ඡාවක් කිරීමෙන් පසුව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු වන නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කළත්, මෙතෙක් එම කමිටුවෙන් ද යෝජනා ඉදිරිපත් කර නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ශ්‍රී ලංකාව ඒකීය රටක්ද 'එක්සත්' රටක්ද යන්න ගැන තීරණයක් ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලනිපයේ මත දෙකක් පැවැතීම ද අද පැවැත්වෙන විශේෂ සාකච්ඡාවේදී විශේෂ කරුණක් ලෙස සාකච්ඡාවනු ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad