කැලණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අධ්‍යනාංශයේ ජේෂ්ඨ මහාචාර්ය ප්‍රියාණි පරණගම මහත්මිය විසින් සිදු කරන ලද පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස ලයිකන අන්තර්ගතයේ වර්ධනයවන එන්ඩොලයිකන දිලීරවල පිළිකා නාශක ගුණයක් ඇති බව සොයාගෙන ඇත.
2006 වසරේදී ඇමරිකාවේ ඇරියෝනා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ලෙස්ලි ගුණතිලක මහතා සමඟ සිදුකළ පර්යේෂණයකින් එන්ඩොලයිකන දිලීරය ඖෂධීය ගුණ සහිත ජෛව සක්‍රීය සංයෝග සාදන බව ලෝකයේ ප්‍රථම වරට සොයාගනු ලැබුවේ ද මහාචාර්ය ප්‍රියාණි පරණගම මහත්මියයි. ලයිකන විශේෂ වෙන වෙනම එකතු කර ඒවා නැවත කෘත්‍රිම මාධ්‍යවල වර්ධනය කර එමඟින් එන්ඩොලයිකන දිලීර වෙන් කොට පරීක්ෂණය සිදු කර ඇත.
ඇල්ගීයක් හා දිලීරයක් එකතු වී සාදන සහජීවනය තුළින් ලයිකන සෑදෙන අතර එහි පටක තුළ නිදහසේ ජිවත්වන දිලීරය එන්ඩොලයිකන දිලීර ලෙස හැඳින්වේ.ලයිකන යනු ශාක කඳන්,ගල් පර්වත ආදී ස්ථානවල හට ගන්නා ජීවී කොට්ඨාශයකි. පිළිකාකාරක විනාශ කිරීමේ හැකියාවක් ඇති සංයෝග මෙම එන්ඩොලයිකන දිලීරවල ඇති බව හඳුනාගෙන ඇති අතර,ඒවා වැඩි දියුණු කර ඒවායෙහි යාන්ත්‍රණය සෙවීමටද මහාචාර්ය ප්‍රියාණි පරණගම මහත්මිය බලාපොරොත්තුවෙන් සිටියි.
වසර 2ක් පුරා මෙම පර්යේෂණ කටයුතු සිදුකර ඇති අතර දිලීර 300කට අධික ප්‍රමාණයක් මේ වනවිට වෙන්කර ඇති බවත්, ඉදිරියේදී ඖෂධයක් මට්ටමට වැඩි දියුණු කිරීමට අවශ්‍ය පර්යේෂණ කටයුතු සිදු කරන බවත් මහාචාර්යවරිය තවදුරටත් කියා සිටියේය. කොළඹ විශ්ව විද්‍යාලයේ අණුක විද්‍යාව සහ ජෛව තාක්ෂණ ආයතනයේ ආචාර්ය සමීර සමරකෝන්,ඇමරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ ලයිකන විශේෂඥ ආචාර්ය ගෝතමී වීරකෝන්,කැලණිය විශ්ව විද්‍යාලයේ උද්භිද විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය රේණුකා අත්තනායක යන මහත්ම මහත්මීන් මෙම පර්යේෂණය සිදු කිරීමට දායකත්වය ලබා දී ඇත.

No comments:
Post a Comment