මෛත්‍රීට හිනා යයි - හූනියම කළේ කවුදැයි මෛත්‍රීගෙන් ඉඟියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

මෛත්‍රීට හිනා යයි - හූනියම කළේ කවුදැයි මෛත්‍රීගෙන් ඉඟියක්

පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ දා සිට විවිධ ප‍්‍රහාර එල්ල කරමින් තමන්ට අභියෝග කළ අය ඒවා සාර්ථක නොවීම නිසා දැන් හූනියම් කරන්නට යන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ අද (14) පැවැති ස්වාධීන රූපවාහිනී සේවයේ 38 වෙනි සංවත්සර උළෙලට හා එම පරිශ‍්‍රයේ ඉදිකළ නව පස්මහල් පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. තමන්ට හූනියම් කර ඇති බවට ජාතික පුවත්පත්වල පළ වී තිබූ ප‍්‍රවෘත්ති දුටු විට තමන්ට සිනා ගිය බවත් හොරොව්පොතාන ප‍්‍රදේශයේ සිදුකර ඇති බව කියන මෙම හූනියම කරන්නට ඇත්තේ කවුරුන් ද යන්න රටම දන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එවැනි දේවලින් තමන් තවත් ශක්තිමත් වෙනවා මිස කිසි දිනෙක නොසැලෙන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. අනුරාධපුරය හොරොව්පතාන ප‍්‍රදේශයේ සොහොන් පිට්ටනියක තිබී සොයාගෙන ඇති තමන්ගේ නම් සහ රුව ඇති තඹ තහඩු ඇතුළු හූනියම් කළ බවට වන තොරතුරු දැකීමෙන් තමන් නොසැලෙන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එහිදී ජනාධිපතිවරයා මෙසේද සදහන් කළේය.

“අපි බෞද්ධයින් විදියට දන්නවා ලෝකයේ වැඩිපුරම නින්දා අපහාස වින්දේ බුදුරජාණන් වහන්සේ බව. බෞද්ධයෝ විදියට ඒ සියල්ල විඳදරා ගැනීමට පුළුවන්කම තිබෙනවා. අද ජාතික පුවත්පත්වල මුල් පිටු බලලා මට හිනා ගියා. අද පුවපත්පත්වල මුල් පිටුවේ තිබෙන්නේ අනුරාධපුර පැත්තේ සොහොන් පිට්ටනියක තිබිලා හොයා ගත්ත දේවල්වලින් මට හූනියම් කරලා කියලා. මගේ රූපය ඇදලා නම් ගහලා. බලි තොවිල් කරපුවායි තියෙන්නේ. 

අනුරාධපුරයේ හොරොව්පතාන පැත්තෙන් තමයි මෙය හමුවෙලා තියෙන්නේ. හොරොව්පතාන පැත්තේ සොහොන් පිට්ටනියක තිබිලා මෙය හම්බ වුණාම මේ රටේ ඕනෑම කෙනෙක් දන්නවා මේක කරලා තියෙන්නෙත් කවුද කියලා. මේ වගේ දේවල් පිළිබඳව මම සැලෙන්නේ නැහැ. අපි තව තවත් ශක්තිමත්වීමයි සිදුවන්නේ.“

No comments:

Post a Comment

Post Bottom Ad