සල්ලි වලට තියෙන කෑදරකමට නිවේදිකාවක් කරපු අසික්කිත වැඩේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

සල්ලි වලට තියෙන කෑදරකමට නිවේදිකාවක් කරපු අසික්කිත වැඩේ

සල්ලි වලට තියෙන කෑදරකමට මිනිසුන් විවිධ දේවල් කරනවා. ඒත් තමන් කරන්නේ හරි දෙයක් ද වැරැදි දෙයක් ද කියලා එයාලා පොඩ්ඩකටවත් කල්පනා කරලා බලන්නේ නැහැ. ඒ පුංචි අඩු පාඩුව තමන්ගේ ජීවිත කාලෙටම විදවන්න හොදටම ඇති. කොලොම්බියානු තරුණ රූපවාහිනි නිවේදිකාවක් ද ඒ විදිහේ වැරැදි වැඩක් කරලා තියෙනවා. නමින් මෙයා Paulina Karina Diaz.

රූපවාහිනි නිවේදිකාවක් වගේම මේ සරාගී තරුණිය නිරූපිකාවක් විදිහට ද කටයුතු කරනවා. හැබැයි මෙයා නම් කරලා තියෙන්නේ හිතාමතාම ලොකු වැරැද්දක්. පුද්ගලයන් දෙන්නෙක් එක්ක කාමරයක විනෝදවෙන්න යන මුවාවෙන් එක්කර ගෙන ගිහින් එයාලාව පැහැරගෙන කප්පම් ඉල්ලලා තියෙනවා. මේක කරලා තියෙන්නේ සංවිධානත්මක විදිහට. මේ පැහැරගැනීමට ලක්වෙලා තියෙන්නේ ව්‍යාපාරිකයෙක් වන Hugo Lopez Moncayo සහ නීතිඥවරයෙක් වන Milton Caro Villamil කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙයාලව මුදාහරින්න නම් ඇමෙරිකානු ඩොලර් මිලියනයක කප්පමක් අවශ්‍ය බව මේ තරුණිය නිවැසියන්ගෙන් ඉල්ලලා තියෙනවා. කොහොම හරි අවසානයේ මේ තරුණිය සහ ඇගේ සංවිධානත්මක කල්ලියේ සාමාජිකයන් ද පොලීසිය අත්අඩංගුවට අරගෙන කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad