ඥානසාර හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

ඥානසාර හිමි අත්අඩංගුවට ගන්න වරෙන්තු

කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකකට පෙනී නොසිටීම හේතුවෙන් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) වරෙන්තු නිතුත් කළාය.

කොම්පඤ්ඤවීදිය පොලිසිය ඉදිරිපිටදී 2014.4.12 මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉස්ලාම් ධර්මයට අපහාස කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට හා 2014.04.09 දින නිපෝන් හෝටලයේ පැවති මාධ්‍ය සකාච්ඡාවකට බලෙන් කඩා වැදී බලහත්කාරකම් පෑම හා පහර දීම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත‍්‍රාත්වරිය අද වරෙන්තු නිකුත් කරනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad