අමිලපිත්තය කියනවට වඩා හැමෝම දන්නේ ගැස්ට්‍රයිටිස් කියලා කියද්දියි.
ලෝකයේ බොහෝ රටවල මෙන්ම අපේ රටෙත් බහුතරයකට මේ රෝගය තියෙනවා. ඇතැම් ඇය එයින්
කොයි තරම් පිඩා වින්දත් සුව කරගන්න උත්සහ කරන්නේ නැහැ. පරිස්සම් වෙන්නේ
නැහැ. මේ ගැන සදහනක් මේ විදිහට පුවත්පතක සදහන් වෙලා තිබුණා. මේ ඒ ගැනයි.
අප ගනු ලබන ආහාර දිරවන්නේ ශරීරයෙන් නිපදවන අග්නිය මගින්. එය අම්ල තත්ත්වයට පත්වීම නිසා ආහාර දිරවීම අපහසු වෙනවා.අම්ලපිත්තයේ දෝෂය පිතයි. වා සෙම් දෙක පිත ප්‍රධානකොට ක්‍රියා කරනවා.ඊටපසුව අම්ලපිත්ත රෝගයේදී ආමාෂයේ අම්ල බව වැඩිවීම නිසා ආහාර පල්වෙනවා. එවියි ඇඹුල් රස උගුරට එන්නේ. ඇඹුල් රස නැතත් නිතර ආහාර උගුරට එනවා නම් අමිලපිත්තය එහෙම නැත්තම් ගැස්ට්‍රයිටිස් වැළදිලා. උගුරේ හා පපුවේ දැවිල්ල, බඩ පුරවා දැමීම, හිස කැක්‌කුම, ඇඟපත දැවිල්ල, හෘදය ප්‍රදේශයේ දැවිල්ල හා වේදනාව, ද්‍රවමළ පිටවීම, මළබද්ධය, මළ පිටවන විට දැවිල්ල ආදී අපහසුතා ඒත් එක්කම හට ගන්නවා.මෙවැනි රෝගීන් තමාට පිළිකාවක් හෝ හෘද රෝගයක් ඇතැයි සිතමින් ජීවිත කාලය පුරාම බියෙන් පසුවෙනවා. අම්ලපිත්ත රෝගයේදී වාතය සහ සෙම ප්‍රධානවන නිසා මතුව ඇති රෝග තත්ත්වය අනුව රෝගියාට මතුවන අපහසුතා ද විවිධයි. එනිසා ඇතැම් වෛද්‍යවරුන්ට මෙය නිසි ලෙස තේරුම් ගැනීමට නොහැකියි. එවිට රෝගියාට නිසි ප්‍රතිකාර නොලැබීම නිසා වෛද්‍යවරුන් මාරු කරමින් නොයෙක් ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. ඉන් සිදුවන්නේ රෝගය සුවවනු වෙනුවට රෝගය උත්සන්න වීමයි. මෙවැනි අවස්‌ථාවලදී රෝගියා මානසිකවද බිඳවැටෙන නිසා මෙම මානසික හේතුද රෝගය උත්සන්න වීමට බලපානවා.
ඌර්ධවගත අම්ලපිත්තය...
මෙම තත්ත්වය මතුවන්නේ සෙම් දොෂය අධික විටදීයි. එවිට ආහාර ගැනීමේ අකමැත්ත ඇති වෙනවා. බඩගින්න තිබුණත් ආහාර ගැනීමට අකමැතියි සමහර අයට නිතර ආහාර ගත්තත් බඩගිනි බව ඇති වෙනවා. මෙවැනි රෝගීන්ට කොළ, කහ, නිල්, කළු පාටට වමනය ඇති වෙන්නේ. පිටතින් තරමක් රතුපාට, ඇතුළතින් ලේ පාටවේ. මස් සේදූ වතුර මෙන් කළුපාට හා රතු පාටට . ලුණු තිත්ත රස ඇතිවෙනවා. ආහාර ගෙන එය පැසුණු පසුද නැතහොත් ආහාර ගතයුතු වේලාවේදී ආහාර නොගැනීමෙන්ද ඇඹුල් වමනය මතු වෙනවා වගේම උගුර, පපුව, බඩ යන තැන් දැවිල්ල ඇති වෙනවා. ඒ වගේම අධික හිසරදය ඇති වෙනවා.
සෙම හා පිත ඇති අම්ලපිත්තය...
සෙම හා පිත ඇති අම්ලපිත්ත අවස්‌ථාවේදී අත්පා දැවිල්ල, නිතර බඩගින්න, කෑම ගැනීමට තදබල ලෙස අකමැත්ත, උණ, සිරුර පුරා පැල්ලම් හට ගැනීම, මුළු ශරීරයම තදවීම, බිබිලි හටගැනීම වැනි රෝග ගණනාවක් මතු වෙනවා. මෙවැනි රෝගීන්ට හිරු රශ්මියේ වැඩි වේලාවක් ගමන් කිරීමට නොහැකියි. උෂ්ණයෙන් පිත වැඩිවෙන නිසා රෝගියාගේ ලේ රත්වීම නිසා අප්‍රාණිකත්වය ඇතිවෙනවා.
අධෝගත අම්ලපිත්තය...
අධෝගත අම්ලපිත්තයේදී පිපාසය, දැවිල්ල, කරකැවිල්ල, ඔක්‌කාරය, ශරීරයේ සියලු තැන් පළු හට ගැනීම, බඩගින්න නැතිකම, දහදිය ගැලීම, ඇඟපත කහපාට වීම ආදිය සිදුවෙනවා.
වාතාධික අම්ලපිත්තය...
වාතාධික අම්ලපිත්තයේදී නන්දෙඩවීම, මුර්ජාව පුපුරුගසන්නාක් බඳු වේදනාව, ඇඟපත පණ නැතිවීම ආදිය ඇති වෙනවා.
සෙම් සහිත අම්ලපිත්තය...
සෙම් සහිත අම්ලපිත්තයේදී සෙම කෑරීම, සෙම බේරීම, සිරුරේ බර බව, නොරිස්‌සීම, ඇඟපත දුර්වලවීම, වමනය, මුඛයේ සෙම නිතර තිබීම, බඩගිනි අඩුකම, කැසිල්ල, නිදිමත යන අපහසුතා මතු වෙනවා.
අම්ලපිත්ත රෝගීන්ට නුසුදුසු ආහාර...
අම්ලපිත්ත රෝගයේ ප්‍රධාන දොaෂය පිත බැවින් විනාකිරි අඩංගු ද්‍රව්‍ය, ඉස්‌සෝ, දැල්ලෝ, අධික අම්ල වර්ග, මත්පැන්, අධික මිරිස් සැර අඩංගු ආහාර, ක්‌ෂණික ආහාර වර්ග, බීම වර්ග ආදී ද්‍රව්‍ය ගැනීමෙන් වළකින්න ඕන.නිසි ප්‍රතිකාර නොලැබුන විට අම්ලපිත්ත රෝගයේදී ගනු ලබන ආහාර ද්‍රව්‍ය නිසි පරිදි ජීර්ණය නොවීම නිසා ශරීරයේ ලේ හිඟකම ඇති වෙනවා.එබැවින් ඇස් පෙනීම දුර්වලකම, හිසකෙස් අකලට වැටීම, සම රැළිවැටීම, නිතර ක්‌ලාන්තය, කරකැවිල්ල ඇති වෙනවා. ආමාශයේ තුවාල හට ගන්නවා වගේම එම තුවාල සඳහා නිසි ප්‍රතිකාර නොලැබීමෙන් කලක් ගත වන විට පිළිකා තත්ත්වය වුණත් ඇති වෙනවා.
ආයුර්වේද වෛද්‍යාචාරිනී
ඩී. හේවගේ
No comments:
Post a Comment