විග්නේෂ්වරන්ට පක්‍ෂ හා විරුද්ද විරෝධතාකරුවන් වව්නියාවේදී ගැටේ.. උණුසුම් තත්වයක්.. පොලීසිය කැදවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

විග්නේෂ්වරන්ට පක්‍ෂ හා විරුද්ද විරෝධතාකරුවන් වව්නියාවේදී ගැටේ.. උණුසුම් තත්වයක්.. පොලීසිය කැදවයි..

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය වරයා විසින් අත්තනෝමතිකව උතුරු පලාත් සෞඛ්‍ය අමාත්‍ය වරයා වශයෙන් සිටි පී.සත්‍යලිංගම් මසකට අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් කියමින් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් උතුරු මහඇමති වරයාට විරුද්ධව වව්නියාවේ විරෝධතාවක නිරත වූහ.

වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාව ආසන්නයට උතුරු මහඇමති විග්නේෂ්වරන්ගේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණි අදාල විරෝධතාවට විරෝධය පෑමත් සමග දෙපිරිස අතර දැඩි උණුසුම් තත්වයක් හට ගත් අතර තත්වය පාලනය කිරීමට වව්නියාව පොලීසියට මැදිහත් වීමට සිදු විය.

උතුරු මහඇමතිට විරෝධය පෑ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ ක්‍රියාකාරීන් කියා සිටියේ උතුරු පලාත් සභාවේ අමාත්‍ය වරුන් සිවු දෙනාගෙන් දෙදෙනෙකුට පමණක් දූෂණ චෝදනා එල්ල වී ඇති අවස්ථාවේදී උතුරු මහඇමති වරයා විසින් අනෙක් අමාත්‍ය වරුන් දෙදෙනාද මසක අනිවාර්ය නිවාඩු ගැන්වීම දැඩි අසාධාරණයක් බවටත් වහාම එම තීරණය ඉවත් කර ගත යුතු බවටත්ය.

එම අවස්ථාවේදී අදාල විරෝධතාව ඉදිරිපිටට පැමිණී උතුරු මහඇමතිට පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණ කියා සිටියේ උතුරු පලාත් සභාවේ සිටි දූෂකයින් පලවා හැරීමට උතුරු මහඇමතිගේ තීරණය අගය කරන බවටත් උතුරු මහඇමති විග්නේෂවරන් ඉදිරියටද මහඇමති වශයෙන්ම සිටිය යුතු බවටත් එතුමන්ට එරෙහිව කිසිවෙකුටත් එරෙහි වීමට ඉඩ නොතබන බවටයි.

කෙසේ වෙතත් දෙපිරිස අතර බහින් බස් වීමක් ඇති දැඩි උණුසුම් තත්වයක්ද ඇති වූ අතර පසුව එය ගැටුමක් වීමට ගිය අවස්ථාවේදී වව්නියාව පොලීසිය මැදිහත් වී තත්වය පාලනය කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad