ඉන්දියා, පකිස්තාන් තරඟය ගැන ඡ්‍යෝතීර්වේදීන් කරන අනාවැකිය හරි නොගියොත් වැඩ වරදී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

ඉන්දියා, පකිස්තාන් තරඟය ගැන ඡ්‍යෝතීර්වේදීන් කරන අනාවැකිය හරි නොගියොත් වැඩ වරදී

අපේ රටේ විතරක් නෙමේ ඉන්දියාවේත් ඡ්‍යෝතීර්වේදියන්ට තියෙන්නේ ලොකු තැනක්. ඒ නිසා සමහර ඡ්‍යෝතීර්වේදින් කියන ඒවා මිනිස්සු ගොඩක් දෙනෙක් විශ්වාස කරනවා. අන්න ඒ වගේ ඡ්‍යෝතීර්වේදින් කිහිපදෙනෙක් එකතුවෙලා අද තියෙන ඉන්දියාව සහ පකිස්තාන් තරඟය ගැන අනාවැකියක් පළ කරලා තියෙනවා.

ඔවුන් කියන විදියට අද තරඟය ජය ගන්නේ ඉන්දියාව. ඒකට හේතුව ලෙස ඔවුන් කියන්නේ විරාට් කෝලිගේ ග්‍රහ පිහිටීම. ඒ කියන්නේ කෝලිගේ ග්‍රහ පිහිටීම තියෙන්නේ ප්‍රබල තැනකලු. ඒ වගේම ඉන්දියාවේ ප්‍රධාන පුහුණුකරු අනිල් කුම්බ්ලිටත් ඡ්‍යෝතීර්වේදිය අනුව අද දවස ගොඩක් ශුභ දවසක් නිසා ඉන්දියාව අද තරඟය අනිවාර්යෙන් ජය ගන්නවා කියලයි මේ අය කියන්නේ.

ඒ වගේම අද තරඟය පකිස්තානය පරාජය වෙන්න හේතුවත් මේ ඡ්‍යෝතීර්වේදින් කියනවා. එයාලා කියන විදියට පකිස්තානයේ නායකයාගේ ග්‍රහ පිහිටීම සුභ නැති නිසා ඔහුට ලොකු ජයග්‍රහණ හිමි නැහැ කියලයි. අද තරඟය උමාර් අක්මාල් ක්‍රීඩා කළා නම් පකිස්තානයට පෙරළියක් කරන්න පුළුවන් කියලත් මේ අය කියනවා. ඒකට හේතුව උමාර් අක්මාල්ගේ සහ විරාට් කෝලිගේ ග්‍රහ පිහිටීම සමාන වීමයි.

කොහොම වුණත් ක්‍රිකට්වලට මේවා අදාළ නැහැ. අද වැරදි අඩුවෙන් කරන්නේ කවුද එම කණ්ඩායම අනිවාර්යෙන් ශුරතාව දිනා ගන්නවා නොඅනුමානයි.

No comments:

Post a Comment

Post Bottom Ad