කතරගම දේව පූජාවටත් අධිකරණ නියෝගයක්!

රුහුණු මහා කතරගම දේවාලයේ තේවා කටයුතු සෑම වසරකම මාසයක කාලයක් රංජිත් පද්මසිරි අධිකාරම් නමැත්තාට ලබා දෙන්නැයි කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයාට රීට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.

ඒ, ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ ගල්කිස්ස දිසා අධිකරණයේ ගොනු කර තිබූ පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුවයි. අදාළ රීට් ආඥාව රැගෙන පිස්කල් නිලධාරීන් රුහුණු මහා කතරගම දේවාලයට පැමිණිය ද එය භාර ගැනීමට බස්නායක නිලමේවරයා එහි සිට නැහැ.

තමන්ට එය භාර ගැනීමට නොහැකි බව දේවාලයේ සිටි සෙසු නිලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව පිස්කල් නිලධාරීන් අදාළ රීට් ආඥාව බස්නායක නිලමේවරයාගේ දොරොහි අලවා ගිය බවයි අප වාර්තාකරු පැවසුවේ.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment