අධිවේගී මාර්ගයේ හා සාමාන්‍ය බස් ගාස්තුව වැඩිවෙන්නේ මෙහෙමයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

අධිවේගී මාර්ගයේ හා සාමාන්‍ය බස් ගාස්තුව වැඩිවෙන්නේ මෙහෙමයි

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ සියයට 6.28 කින් ඉහල නැංවූ බස් ගාස්තු සංශෝධනය ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මේවන විට ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අවම ගාස්තුව ලෙස පැවති රුපියල් 9 ගාස්තුව, රුපියල් 10 දක්වා ඉහළ නංවා තිබේ. ඊට අමතරව රුපියල් 12ක්ව තිබූ බස් ගාස්තුව රුපියල් 13 දක්වාත්, රුපියල් 16 බස් ගාස්තුව රුපියල් 17 දක්වාත්, රුපියල් 20 බස් ගාස්තුව රුපියල් 21 දක්වාත් සහ අනෙකුත් බස් ගාස්තු ද සියයට 6.28කින් ඉහළ නැංවෙයි.

මීට අමතරව අධිවේගී මාර්ගවල බස් ගාස්තු ද ඉහළ නංවා තිබේ. ඒ අනුව මහරගම - ගාල්ල රුපියල් 410ක්, මහරගම - මාතර 500ක්, කඩුවෙල - මාතර 520ක්, කොළඹ - මාතර 530ක්, කඩුවෙල - ගාල්ල 430ක්, කඩවත - මාතර 540ක් සහ කඩවත - ගාල්ල රුපියල් 440ක් වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad