කොළඹ ලන්දේසි රෝහල අසල සතියක කුණු එකතු වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

කොළඹ ලන්දේසි රෝහල අසල සතියක කුණු එකතු වෙයි

කොළඹ ලන්දේසි රෝහල අසල සතියක කුණු එකතු වෙයි
කොළඹ පැරණි ලන්දේසි රෝහල අසල දින කිහිපයක සිට කැළිකසල එකතු කර ගොඩගසා ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් එම ප්‍රදේශය පුරා දුර්ගන්ධයක්ද පවතින බවත් මේ ආශ්‍රිත ප්‍රදේශය සංචාරක හෝටල්, සාප්පු සංකීර්ණ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඇතුළු ජනාකීර්ණ ප්‍රදේශයක් වීම නිසා කුණු ප්‍රශ්නය උග්‍ර අතට හැරී ඇති බවත් වාර්තාවේ.

පසුගිය දින කිහිපය තුළම කොළඹ නගර සීමා බල ප්‍රදේශය තුල කැලිකසල එක්රැස් කිරීමේ අක්‍රමිකතාවක් පිළිබඳ වාර්තා විය. මේ හේතුවෙන් කොළඹ නගරයට පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයින්ගේ අඩුවක් පෙනෙන්නට ඇති බවත් සතියක පමණ කාලයක් තිස්සේ මෙලෙස කුණු ගොඩ ගැසී ඇති බවත් ජනතාව පවසති. කොළඹ මැනිං වෙළෙඳපොල අවටත් කැලිකසල ගොඩගසා ඇති බවද වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad