“පුරවැසි බලය ඉන්න ඕනෑ මානසික රෝහලේ“ යහපාලනයේ සංවිධානවලට ඇමැති විජේදාසගෙන් දෝස්මුරයක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

“පුරවැසි බලය ඉන්න ඕනෑ මානසික රෝහලේ“ යහපාලනයේ සංවිධානවලට ඇමැති විජේදාසගෙන් දෝස්මුරයක්!

යහපාලන ආණ්ඩුවට සහය දැක්වූ පුරවැසි බලය සංවිධානය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් “ජාතිවාදය සහ ආගමික අන්තවාදය එපා එපා එපා“ යනුවෙන් පසුගියදා ජාතික පුවත්පතක පළ කර තිබූ දැන්වීම පිළිබඳ අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා දැඩි දෝෂදර්ෂණයට ලක් කර තිබේ.

එම පුවත්පත් දැන්වීම පිළිබඳ හිරු නාලිකාවේ විකාශය වූ සළකුණ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේද පැවසී ය. එම ප්‍රකාශය කළ අයගේ මොලේ පරීක්ෂා කර බැලිය යුතු බවත් එම ප්‍රකාශ කර ඇති කරුණු සහ චෝදනා පිළිබඳ බැලුවහොත් ඊට අත්සන් කළ පුද්ගලයින්ගේ මොලේ පරීක්ෂා කළ බැලිය යුතු බවත් අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේය.

“ඕක හොඳ සාක්ෂියක් ලංකාවේ අංගොඩ මානසික රෝහලේ සිටිය යුතු සියල්ල ඒකේ ඇතුලේ නෙමෙයි ඉන්නේ කියලා ඔප්පු කරන්න හොඳ සාධකයක්“ යැයිද හෙතෙම කියා සිටියේය. එම පුවත්පත් දැන්වීමේ මෙසේද සඳහන් කර තිබිණි. “පසුගිය අප්‍රේල් මාසයේ සිට ගතවූ කාලය තුළ මුස්ලිම් පල්ලි මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන හා මුස්ලිම් දේපලවලට කරන ලද පහරදීම් සංඛ්‍යාව 20කට අධිකයි. මෙම සෑම ප්‍රහාරයක්ම සංවිධාන කොට දියත් කරනු ලබන්නේ වාර්ගික අන්තවාදී කල්ලි කිහිපයක් විසිනි. 

ඒ අනුව 2015 ජනවාරි මාසයේ සිට මේවන විට ක්‍රිස්තියානි නමස්කාර ස්ථාන 100කට වැඩි ගණනකට අනතුරු සිද්ධි කොට තිබේ. ඒවා පිටුපස සිටින්නේද වාර්ගික හා අන්තවාදී කල්ලි කිහිපයකි. “ 173දෙනෙකු අත්සන් කළ එම දැන්වීම පුරවැසි බලය සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විසින් පළ කර තිබිණි.

එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad