හිරු මාධ්‍යවේදියාට සත්තමක් දැමූ ඇමති ජොන්ට එරෙහිව පැමිණිල්ලක්

ඇමති ජෝන් අමරතුංග මහතාගෙන් බැණ තර්ජනයට ලක්වූයේ යැයි කියන හිරු මාධ්‍යවේදී බෙනට් ෆ්ර්ඩිනැන්ඩස් මහතා ඇමතිවරයාට එරෙහිව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ඊයේ(13) පැමිණිල්ලක් කළේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් බෙනට් මහතා ඇමතිවරයාට විරුද්ධව පසුගිය 08 වැනිදා පෑලියගොඩ පොලිසියට ද පැමිණිල්ලක් කර තිබෙි. මාධ්‍යවේදීයා ඇමතිවරයාගේ තර්ජනයට ලක්වී ඇත්තේ මුතුරාජවෙල ප‍්‍රදේශයට කසල බැහැර කිරීම සම්බන්ධයෙන් ඇමති ජෝන් අමරතුංග මහාතගේ කදානේ පිහිටි කාර්යාලයේ පැවැති රැස්වීම වාර්තා කිරීමට ගොස් සිටියදීයි.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment