ලක්‍ෂමන් යාපාට වැඩ බාරගන්න රියදුරන්ගේ කාමරය දෙයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 16, 2017

ලක්‍ෂමන් යාපාට වැඩ බාරගන්න රියදුරන්ගේ කාමරය දෙයි..

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස දැවුරුම් දුන් ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා එන සදුදා දිනයේ (19) වැඩ බාර ගැනීමට තීරණය කර ඇත.

නමුත් ඇමති කබීර් හෂීම් සමග පැවති කාර්යාල කාමර ගැටළුව ඒ ආකාරයෙන්ම පවතින අතර ඇමති කබීර් කම ස්ථාවරයේ කිසිදු වෙනසක් කර නැත. ඒ අනුව දැනට ඇති ඉඩකඩ තුල තම රාජකාරි ආරම්භ කිරීමට ඇමති ලක්‍ෂමන් යාපා තීරණය කර තිබේ.

මේ අතර වාර්තා වන්නේ අමාත්‍යංශ ලේකම්වරයා විසින් නව රාජ්‍ය ඇමතිවරයා වෙත අලූතින් කාර්යාල ස්ථානයක් වෙන් කර ඇතැයි කල දැනුම් දීම අනුව එහි ගොස් බැලූ ඇමති යාපාගේ නිලධාරීන් පවසා ඇත්තේ එය වෙනත් අමාත්‍යංශයක රියදුරන්ගේ නිදන කාමර කිහිපයක් බවයි. එනිසා එම ස්ථානය ඔවුන් ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad