මුල අමතකවූ සරල ජනපති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

මුල අමතකවූ සරල ජනපති

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිධුරයට පත් කිරීමට කැපවී කටයුතු කළ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාට හැටන් හයිලන්ඩ් විද්‍යාලයට වසර 125 ක් පිරීම නිමිත්තෙන් ලබන 29 වන දින පැවැත්වෙන උත්සවයට ආරාධනා කර නොමැති බව වාර්තා වෙයි. මෙම උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තොන්ඩමාන්ගේ බලපෑම් හේතුවෙන් මෙලෙස තිගාම්බරම් ඇමතිවරයා හට ආරාධනා කිරීම වළක්වා ඇති බව ආරංචිමාර්ග පවසයි.

තිගාම්බරම් මහතා නියෝජනය කරන දමිළ ප්‍රගතිශීලී සන්ධානය සතුව පාර්ලිමේන්තු ආසන 6 ක් ඇති අතර තොණ්ඩමාන් මහතාගේ පක්ෂයට ඇත්තේ ආසන 2 ක් පමණි. එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය පිළිගෙන ජනාධිපති මන්දිරයෙන් පිටව ගියේද නුවර එළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵල ඇසීමෙන් පසුවය. මෙම තත්වය යටතේ මෛත්‍රීපාල සිරිසේන මහතා‍ට තිගාම්බරම් අමාත්‍යවරයා අමතක වීම බරපතල ගැටළුවක් බව දේශපාලන විචාරකයෝ පවසති.

No comments:

Post a Comment

Post Bottom Ad