සැමියා හා දරුවා අතැර බෝඩිංවී පිරිමින් ඇසුරු කරමින් සිටි තරුණිය නුගේගොඩදී ඝාතනයවූ හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

සැමියා හා දරුවා අතැර බෝඩිංවී පිරිමින් ඇසුරු කරමින් සිටි තරුණිය නුගේගොඩදී ඝාතනයවූ හැටි


පෙරේදා රාත්‍රී නුගේගොඩ පරණ කැස්බෑව පාරේ ක්‍රීඩාංගණයක් අසළදී සිය පෙම්වතාගේ පිහි පහරින් ගෙළ කැපී ඝාතනයට ලක්වූ පෙම්වතිය පිළිබඳ වැඩිදුර විස්තර මේ වනවිට අනාවරණය වී තිබේ. රාත්‍රී 8 ට පමණ අසල්වාසීන් විසින් පොලිසියට දන්වන ලදුව ඇගේ මළ සිරුර හමුවූ අතරවාරයේ ඇයට පිහි ඇනුම් සිදු කළ පෙම්වතා පොලිසියට භාරවී තිබුණි.

ඝාතනය ලක්වූ ප්‍රසාදිකා සංකල්පනී ගුණසිංහ (25) නමැති තරුණිය එක්දරු මවක බවත් ඇයගේ පදිංචිය මතුගම පහළ හේවිස්ස ප්‍රදේශය බවත් වාර්තා විය. ඇය වයස 20 දී විවාහ දිවියට ඇතුළත්වූ අයෙකු බව වාර්තාවිය. ඇය විවාහවීමෙන් පසු සිය සැමියා වාසය කළ අම්පාර ප්‍රදේශයේ ජීවත්වී ඇත. ඔවුන්ට පිරිමි දරුවෙකු ලැබී ඇත.දරුවාට අවුරුදු 3 ක් පමණ ගතවීමෙන් පසු ඇයත් සැමියාත් අතර ආරවුල් මතුව තිබෙන අතර ඇය ඔහු අතැර සිය නිවසට පැමිණ තිබෙන්නේ දරුවා සැමියා භාරයේ තබමිනි. 

ඉන්පසුව වෙනත් පෙම්වතුන් ඇසුරු කරමින් නිදහස් ජීවිතයකට පිවිස තිබෙන ඇය ඇගේ පාසල් කාලයේ පන්තියේ එකට සිටි ප්‍රථම ප්‍රේමය සොයායන්නට උත්සාහ දරා ඇත. ඊයේ ඇය පිහි ඇනුම් කෑවේ ඔහු අතිනි. මින් වසරකට පමණ ඉහතදී ඔහු සමග සමාජ ජාල ඔස්සේ සහ දුරකථනයෙන් සම්බන්ධවූ බව කියන ඇය සිය අලුත් ප්‍රේමය පණගන්වා ඇත. ඇය ඒ වනවිට සිටියේ මතුගමය.පෙම්වතා රැකියාව කරන්නේ මහරගම නාවින්නේ කුෂන් වැඩපළකය. ඒ නිසා ඔවුන්ට හමුවීමේ ගැටලු තිබී ඇත. 

ඇය පවසා ඇත්තේ ‘මට ඔයාව නිතර ඕන.. අපිට නිතර මුණගැහෙන්න ක්‍රමයක් කියන්න‘ කියාය. ඒ අනුව ඇගේ පෙම්වතා ඇයට නුගේගොඩ ගම්සභා හන්දියේ රූපලාවන්‍යාගාරයක සහායිකාවක ලෙස රැකියයාවක් සොයාදී ඇයව ඒ ආසන්නයේ දෙල්කඳ ප්‍රදේශයේ බෝඩින් කාමරයක නවත්වා තිබේ. විවාහවීමේ අදහසින් මේ දෙදෙනා එකට ඇසුරු කරමින් මාස කිහිපයක් ගතවෙද්දී මියගිය තැනැත්තියගේ වෙනසක් ඔහුට නිරීක්ෂණය වී තිබේ. ඇතැම් අවස්තාවල ඇගේ දුරකථනයේ වෙනත් සැකකටයුතු ඇමතුම් පැය ගණන් පැවතීමත් අතටම අසුවන බොරු කියා ඇය ඔහු මගහරින තත්වයනුත් ඔහුට නිරීක්ෂණය වී තිබේ.

මේ අතර ආසන්න කාලයේදී ඇය ඔහුටත් නොකියාම හෝමාගම පිහිටි වෙනත් රූපලාවන්‍යගාරයක රැකියාවට යාමට සියලු කටයුතු ලකලැස්තී කර තිබෙන අතර පෙම්වතාගෙන් සියල්ල සැඟවීමටද ඇය උපායශීලීවී තිබේ. මෙම කරුණු වෙනත් මාර්ගවලින් දැනගත් පසු ඇය ගැන වැඩිදුර සෙවීමේදී මියගිය තැනැත්තිය පසුගිය කාලයේ තවත් පෙම්වතෙකු ඇසුරු කරන බව ඔහුට දැනගන්නට ලැබී ඇති අතර ඒ ගැන ඇගෙන් ඇසූ විට මුලදී සඟවා පසුව සියල්ල පිළිගෙන ඇත.

මෙම කාරණාව ගැන තවත් විමසන්නට අවශ්‍ය බව කියා පෙරේදා සවස වැඩ ඇරුණ පසු විජේරාම හන්දියට ඇයට එන්නට කියා ඔහු ඇයව මෝටර් සයිකලයේ නංවාගෙන පරණ කැස්බෑව පාර ඔස්සේ ගමන් කර පෙම්වතුන් නිතර ගැවසෙන පාළු පිට්ටනිය අසළ නතරවී බහින්බස්වී ඇත. එදින රාත්‍රී 7.30ට පමණ ඔවුන් එතැනට පැමිණ කථාබස් කරමින් සිටි අයුරු අසල්වාසීන් කිහිපදෙනෙකුද දැක ඇත.

බහින්බස්වීම ක්ෂණික කෝපයක් බවට පත්වූ පසු සඟවාගෙන ආ පිහිය එළියට ගත් පෙම්වතා පෙම්වතියගේ ගෙලට පිහියෙන් අනින්නේ රාත්‍රී 8 ට පමණය. ඇගේ ගෙල ඉදිරිපස පිහි අැනුම් 12 ක් පමණ එල්ල කර තිබුණ බවද ඇගේ කලවා හා තට්ටම් දෙසටද පිහිපහර එල්ල කර ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී හෙළි විය. එම පිහි පහර වළකන්නට ඇය දැරූ උත්සාහය නිසා ඇගේ ඇඟිලිද තුවාලවී තිබුණි. තමා සිදු කළ ඝාතනයෙන් පසුව එම පිහියද රැගෙන පෙම්වතා කොහුවල පොලිසියට බාර විය.

මළ සිරුර ගැන පොලිස් පරීක්ෂණ සිදු කර තිබෙන අතර පෙම්වතා අත්අඩංගුවට ගත් පොලිසිය අද අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය. 



No comments:

Post a Comment

Post Bottom Ad