තොණ්ඩමන් ඉල්ලා අස්වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

තොණ්ඩමන් ඉල්ලා අස්වෙයි

නුවරඑළිය දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් තොන්ඩමන් මන්ති‍්‍රවරයා ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත භාර දී තිබේ.

හැටන් නගරයේ කැළි කසල බැහැර කිරිමට ඉඩමක් ලබා දිමට එයට අදාල රජයේ නිළධාරින් කටයුතු නොකිරීම හා එකතුවී ඇති කසල බැහැර කිරිමට නිසි පියවරක් නොගැනීම හේතුවෙන් නුවරඑළිය දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටු සමසභාපති ධුරය දරන ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහලේකම් හා නුවරඑළිය දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර අරුමුගන් තොන්ඩමන් මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත යවා ඇති බව එම පක්ෂයේ උප සභාපති හා මධ්‍යම පළාත් සභා මන්ති‍්‍ර කනපති කනගරාජ් මහතා පැවසීය.

හැටන් නගරයේ කැළි කසල ගැටලූව විසදිමට තමන් දිස්ති‍්‍රක් කමිටු සම සභාපති වශයෙන් අවස්ථා කිහියකදි ගත් තිරණ අදාල නිළධාරින් කි‍්‍රයාත්මක කිරීමට අපොහොසත් විම නිසා තමන් දරන එම නිලයෙන් ඵලක් නොවන බව සදහන් කරමින් මෙම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව කනපති කනගරාජ් මන්ත්‍රීවරයා වැඩි දුරටත් පැවසී ය.

(හැටන් රංජිත් රාජපක්‍ෂ)

No comments:

Post a Comment

Post Bottom Ad