අන්තවාදී කතා කියු ලක්‍ෂාන් ඩයස් ගෙදර යවන්න ආ විජේදාසට එරෙහිව අගවිනිසුරුට පැමිණිල්ලක්..

දෙරණ රූපවාහිනියේදී ආගමික අන්තවාදය ඇති කරන ප‍්‍රකාශයක් සිදු කලේ යයි පැය 24ක් ඇතුළත සමස්ථ ජාතියෙන් සමාව ගන්නා ලෙසත් එසේ නොකලහොත් නීතිඥ වෘත්තියෙන් නෙරපා දමන බවටත් අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ විසින් නීතිඥ ලක්‍ෂාන් ඩයස්ට කරන ලද ප‍්‍රකාශයට විරෝදය පාමින් අගවිනිසරු ප‍්‍රියසාද් ඩෙප් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

නීතීඥ අරුණ උණවටුන විසින් කරන ලද මෙම පැමිණිල්ලේ දැක්වෙන්නේ විජයදාස රාජපක්ෂ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය නීතීඥවරුන්ගේ මෙන්ම ඔවුන්ගේ සේවාදායකයන්ගේ විශ්වාසය ගැන අහිතකරව බලපාන බවයි. ඇමතිවරයාගේ ප‍්‍රකාශය මගින් නීතීඥවරුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය වීමක්ද සිදුවන බව ලිපියේ වෙයි.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment