හෘද රෝගීන්ගේ පොරොත්තු ලේඛනය අඩු කිරීමේ සැලසුමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

හෘද රෝගීන්ගේ පොරොත්තු ලේඛනය අඩු කිරීමේ සැලසුමක්

හෘද රෝගීන්ගේ පොරොත්තු ලේඛනය අඩු කිරීමේ සැලසුමක්
ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලට හෘද රෝගවලින් විශාල බලපෑමක් සිදු වන බවත් හෘද රෝග අවම කිරීම සදහා රජය විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය දා  කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවති  ශ්‍රී ලංකා හෘද සංගමයේ 17 වන සැසිවාරය අමතමිනි. හෘද රෝග පරීක්ෂණ සෑම පළාතකම සිදුවන අතර, ඉදිරියේ දී හෘද රෝග ප්‍රතිකාර මධ්‍යස්ථාන ද  දිවයින පුරා ඉදි කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ අමාත්‍යවරයා  හෘද රෝගීන්ට නොමිලේ ස්ටෙන්ස් ලබා දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව සිදු කරන බව කියා සිටියේය.එමගින් හෘද රෝගීන්ගේ පොරොත්තු ලේඛණය අවම කර ගැනීමට හැකියාවක් ලැබෙන බවද සඳහන් වේ.

කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය සංවර්ධනය කරන අතර, ඊට අවශ්‍ය නවීන උපකරණ සහ සියලුම පහසුකම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව රාජිත සේනාරත්න මහතා තවදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad