කොටදෙණියාවේ සැහැසි ඝාතකයා හසුවෙයි

කොටදෙණියාව - හෙලගම කිතුල්වල ප‍්‍රදේශයේ වයස අවුරුදු 06ක දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දැරියගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

47 හැවිරිදි ඔහු කිතුල්වල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
සැකකරු අද (25) මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පෙරේදා (23) රාත‍්‍රී 11.00 ට පමණ මෙම සැකකරු තම බිරිඳට සහ දියණියන් දෙදෙනාට තියුණු ආයුධයකින් පහර දී තිබුණා. ඔවුන්ව මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හය හැවිරිදි දැරිය ඊයේ (24) ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබූ මව සහ නව හැවිරිදි අනෙක් දියණිය වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.  


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment