ශ්‍රී ලංකා මුදල් නෝට්ටු භාවිතා කරන්නන්ට වැදගත් පණිවුඩයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

ශ්‍රී ලංකා මුදල් නෝට්ටු භාවිතා කරන්නන්ට වැදගත් පණිවුඩයක්

විකෘති කරන ලද වෙනසක් කරන ලද හෝ හානිකරන ලද මුදල් නෝට්ටු සදහා මේ වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසු ගෙවීම් නොකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. 

ඒ අනුව යම්කිසි ආකාරයක සටහනක් තබද ලද, ඉරීමකට ලක් කරන ලද හෝ ස්වභාවය කුමන හෝ ආකාරයකට වෙනස් කරන ලද නෝට්ටුවකින් 2017.12.31 වැනිදාට පසුව කිසිදු ආකාරයක ගනුදෙනුවක් සිදු කිරීමට නොහැකි වනු ඇත. 

ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන ආකාරයට ව්‍යවහාර මුදල් නෝට්ටු විකෘති කිරීම, වෙනස් කිරීම හෝ හානි කිරීම 1949 අංක 58 දරණ මුදල් නීති පනත යටතේ වරදක් වන අතර, ඊට දඩ මුදලක් හෝ සිරගත කිරීමකට හෝ ඒ දඩුවම් දෙකටම එකවර යටත් කළ හැකිය. මුදල් නීති පනත යටතේ සිතාමතා විකෘත කළ හෝ වෙනස් කළ හෝ හානි කළ මුදල් නෝට්ටු මහ බැංකුව භාරයේ රදවා තබා ගන්නා අතර, ඒ සදහා කිසිදු ගෙවීමක් සිදු නොකෙරේ.

මෙවැනි මුදල් නෝට්ටු ළග තබාගන්නා පුද්ගලයන් හට එම නෝට්ටුවල මුහුණතේ වටිනාකමට අදාළ අලාභය දැරීමටද සිදුවනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad