‘කන්දළයා’ සමග සටනින් පැරදුණු යාල කැලේ ‘දළපූට්ටුවා’ මරු දුටු හැටි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, June 15, 2017

‘කන්දළයා’ සමග සටනින් පැරදුණු යාල කැලේ ‘දළපූට්ටුවා’ මරු දුටු හැටි

යාල ජාතික වනෝද්‍යානයේ  සිටි විශාලම ඇතා වූ තිලක්  නොහොත් දළපූට්ටුවා නැමැති හස්තියා   කන්දළයා නමින් හඳුන්වන ඇතෙකු පහරදීමෙන් මියගොස් තිබෙනවා. මියයන විට එම ඇතාගේ වයස අවුරුදු 50-60 අතර පැවති  බව වනජීවී පශු වෛද්‍ය ආනන්ද ධර්මකීර්ති  පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වමින් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන්  කළේ මෙම ඇතාගේ වයස හේතුවෙන් ප්‍රහාරයෙන්  මිදීමට හෝ ප්‍රතිප්‍රහාර  දීමට අපහසුවන්නට ඇති බවයි. ප්‍රහාරයෙන්  ඇතාගේ උදරයට හානි සිදුවීමෙන්  ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad